Category Technology

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

ත්‍රස්තවාදයට රුකුල් දෙන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් සඳහන් කරමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කරන ඩිජිටල් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම…

ටික්ටොක් සමාජ මාධ්‍යයට ඩොලර් මිලියනයක දඩයක්

යොවුන් තරුණ තරුණියන් අතර මාරාන්තික අභියෝග ව්‍යාප්තවීමට හේතු වූ බවට චෝදනා කරමින් වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අභියෝගවලට මුහුණදුන් නව යොවුන්…

හැකරුන්ගෙන් බේරෙන්න රාජ්‍ය සේවකයන්ට පුහුණුවක්

මෙරට රාජ්‍ය ආයතනයන්හි සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ට විධිමත් දැනුමක් ලබාදීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සැලසුම් කර තිබේ. රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි හා පරිගණක මෘදුකාංග නිරන්තරයෙන්ම සයිබර් ප්‍රහාරවලට ලක් වන බැවින් ඒවා මැඬපවත්වා ගැනීමේ අරමුණෙන් මේ…

ලොව පුරා පරිශීලකයින් රැසකට WhatsApp, Instagram, Facebook සේවා අඩාල වෙයි

බදාදා දින WhatsApp, Instagram සහ Facebook හි ගෝලීය බිඳවැටීමක් සිදුවී ඇති අතර, Facebook පරිශීලකයින් 50,000කට වැඩි සංඛ්‍යාවක් පුරනය වීමේ සහ උඩුගත කිරීමේ ගැටලු වාර්තා වී ඇත. එමෙන්ම Instagram සහ WhatsApp පරිශීලකයින්ට පණිවිඩ ප්‍රවේශ වීමට සහ යැවීමට ගැටලු ඇතිව තිබේ. කෙසේ…

අමෙරිකානු අභියාචනාධිකරණය ටික්ටොක් තහනම තහවුරු කරයි

ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාලා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ තහනම් කිරීමේ නීතිය වොෂින්ටන් නුවර අභියාචනාධිකරණය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත වසරවලදී ගෝලීය වශයෙන් සැලකිය යුතු අන්දමින් ව්‍යාප්තවූ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමෙන් මිලියන 170කට…

සයි­බර් ආර­ක්ෂාව ගැන රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මක් ත්‍රිකු­ණා­ම­ල­යේදී

සයි­බර් ආර­ක්ෂාව පිළි­බ­ඳව රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය සංවි­ධාන කළ වැඩ­ස­ට­හ­නක් ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (03) පැවැ­ත්විණි.මේ වැඩ­ස­ට­හ­නේදී ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් රාජ්‍ය නිල­ධා­රීන් වෙත සයි­බර් ආර­ක්ෂණ රාජ්‍ය ප්‍රති­ප­ත්තිය හඳු­න්වා­දීම ද සිදු කෙරුණු අතර අන්ත­ර්ජා­ලය…

අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම-ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පනත සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත එම තහනම ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ටික්ටොක් හා ස්නැප්චැට් ඇතුළු…

අලුත්වෙන වට්ස්අප්

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකිය. පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්වේ. WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට…

අවු: 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ඔස්ට්‍රේලියාවේ අවධානය

ලොවටම ආදර්ශයක් සපයමින් අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාල තහනම් නීතියක් හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු අගමැති අන්ටෝනි ඇල්බනිස් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නීතිමාලාව ලබන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඔස්ට්‍රේලියානු…

අන්තර්ජාල මූල්‍ය වංචා පැමිණිලි කිරීමට විද්‍යුත් ලිපිනයක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් ‌යොමු…