Category Sports

ලෝක ශූරතාවලියේ අවසන් තරග බලාපොරොත්තුවත් වැට උඩ

ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ නොදැවුණු ඉනිම් සමඟ බලාපොරොත්තු සහගතව දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලට ලකුණු 33ක් තුළ අවසන් කඩුලු 5 අහිමි වීමෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 109ක පරාජයක් වැලඳ ගැනීමට ඊයේ සිදු විය. මේ…

රන්-රිදී-ලෝකඩ දිනූ සවි එසවීමේ පිල එයි

උස්බෙකිස්තානයේ පැවති ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගෙන ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. නදීකා හේමන්ති කිලෝග්‍රෑම් 69 කාණ්ඩය යටතේ තරග කරමින්…

වසර 37කට පසු ශ්‍රී ලංකාවට ආසියානු බොක්සිං පදක්කමක්

වසර 37කට පසු ආසියානු බොක්සිං වළල්ලේ පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් ඊයේ වාර්තා පොත අලුත් කිරීමට සමත් විය. තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං සම්මේලනයේ එලයිට් බොක්සිං ශුරතාවලියේ කිලෝග්‍රෑම් 51ක බර පන්තිය නියෝජනය කළ මේ 21 හැවිරිදි ක්‍රීඩකයා ලෝකඩ…

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 17න් පහළ තුන්දින තරගාවලිය ජය පරාජ නෑ

සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තුන්දින ක්‍රිකට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව නිමා විය. මේ සමඟ තරග 2කින් සමන්විත තුන්දින තරගාවලිය ද විසඳුමකින්…

ජ්‍යෙෂ්ඨයෝ වේලාසනින්ම ක්‍රීඩාගාරයේ ධනංජය-කුසල් ජය සොයා සටනක-ශ්‍රී ලංකාව ඉලක්කයට ලකුණු 143ක් පසුපසින්

දකුණු අප්‍රිකා පළමු ඉනිම – 358 (ඕවර 103.4) කයිල් විරෙයින් නොදැවී 105, රයන් රිකෙල්ටන් 101, ටෙම්බා බවුමා 78 (ළහිරු කුමාර 79/4, අසිත ප්‍රනාන්දු 102/3, විශ්ව ප්‍රනාන්දු 65/2) ශ්‍රී ලංකා පළමු ඉනිම – 328 (ඕවර 99.2) පැතුම් නිශ්ශංක 89, කමිඳු මෙන්ඩිස්…

ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකානු දෙවනි ඉනිම ලකුණු 317කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 348ක්. දක්ෂ පන්දු යැවීමක නිරත…

මැතිව්ස්ගෙන් පිම්මක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට සමත් විය. ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී ඊයේ (06) නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු…

රග්බි නඩුව සමථයකට පත් වෙයි-ව්‍යවස්ථා සංශෝධනය නිලවරණයෙන් පසු

ශ්‍රී ලංකා රග්බි සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වීමට පෙර එම සංගමය සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඊයේ (05) ඉල්ලා අස් කර ගන්නා ලදි. පෙත්සමට අදාළ පාර්ශ්වයන් විසින් අධිකරණය හමුවේ මීට…

ජාතික ඔලිම්පික් ආචාරධර්ම කමිටු වාර්තාව විධායක සභාවේ බහුතරයෙන් කුණු කූඩයට

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව එහි ආචාරධර්ම කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව විධායක සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි. ආචාරධර්ම කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු බව විධායක කමිටු සාමාජිකයන් 7දෙනෙකු ඡන්දයෙන් තීරණය කළ අතර, සාමාජිකයන් දෙදෙනකු…

රයන් මංගල ශතකයෙන් දකුණු අප්‍රිකා ඉනිම ඔසවයි

මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 44ක් තුළ යළි විවේකාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුවත් ඉනිම ගොඩනැඟීමේ බර කරට ගත් රයන් රිකෙල්ටන්ගේ මංගල ශතකය හේතුවෙන් ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදීත් පළමු දිනයේ වැඩි වාසි හිමි…