Category Sports

ක්ලිෆර්ඩ් බොක්සිං කිරුළ යුද හමුදාවට-සුරංගට සහ සචිනිට දක්ෂතම සම්මාන

බරපන්ති 13කින් 9කදීම රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම 94 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මීට අමතරව රිදී පදක්කම් දෙකක් ද, ලෝකඩ පදක්කම් 2ක් ද දිනා ගනිමින් මෙවර තරගාවලියේ පිරිමි තරග…

13දී කෝටිපතියකු වූ සූර්යවංශීගෙන් තවත් ලෝක වාර්තාවක්

වයස අවුරුදු 13දී කෝටිපතියකු වූ වෛබාව් සූර්යවංශී ලෝකයේම පළමු පෙළ ක්‍රිකට් තරගයක් නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙයි. සර්යවංශී එම වාර්තාව බිඳ දැමුවේ ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව බිහාර් වෙනුවෙන් විජේ හසාරේ කුසලාන (ඉන්දියාවේ දේශීය එක්දින තරගාවලිය) තරගාවලිය නියෝජනය කරමිනි.…

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිය නම් කරයි

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ. චරිත්…

රොබින් උතප්පාට එරෙහිව වරෙන්තුවක්

සේවක අර්ථසාධක අරමුදලේ (ඊපීඑෆ්) දායක මුදල් වංචා කිරීමේ චෝදනාව මත හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු රොබින් උතප්පාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කලාපීය අර්ථසාධක අරමුදල් කොමසාරිස් ෂඩක්ෂර ගෝපාල් නැඟෙනහිර බෙංගලෝරයේ පුලකේෂිනගර් පොලිස් ස්ථානයට නිකුත් කර තිබේ. රොබින් උතප්පා පවත්වාගෙන යනු ලබන ඇඟලුම්…

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන සමඟ නව නිලධාරී මණ්ඩලය තේරීම ලබන වසරේ-ඡන්ද නාමලේඛනය සැකසීමේ පූර්ණ බලය නිලවරණ කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදු කරමින් ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට අති විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය වෙයි. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මහා සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතන ඉතිහාසයේ සුවිශේෂී…

වෙල්ලාලගේ කැපුණේ අමතර වේගපන්දු යවන්නකු ගත් නිසයි-නායක චරිත් අසලංක

දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූයේ නවසීලන්තයේ තණතීරුවලට අනුගත වීම උදෙසා අමතර වේගපන්දු යවන්නකුගේ අවශ්‍යතාවක් හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවසීය. එය නායකයා ලෙස තමාටත්, තේරීම් කමිටුවට…

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත ලියැවිල්ලක් ලීක් වුණේ කොහොමද?-ක්‍රීඩා ඇමැතිගෙන් විධිමත් පරීක්ෂණයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත වාර්තාවක් ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවට ගියේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා තීරණය කරයි. ජාතික ඔලිම්පික් කමිටුවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සොයා බැලීම හා විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා ඇමැති…

ඉන්දියාව ලකුණු 394ක් පසුපසින්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සංචාරක ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 394ක් පසුපසින් සිටියේය. ඊයේ තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4ක් දැවී ලකුණු 51ක් රැස් කර තිබුණේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්…

ලංකාවේ ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු සම්මේලන නිල ලාංඡනය ටී.එල්. විලියම්ස්ට

රටවල් 47 ක සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආසියානු පාපන්දු විනිසුරු ඇකඩමියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු නිල ලාංඡනය හිමි කර ගැනීමට ටී.එල්. විලියම්ස් මහතා සමත් විය. ඒ සමඟ ඔහුට ලබන වසරේ සිට ආසියානු පාපන්දු සම්මේලනය (AFC)…

අපරාජිත ජැෆ්නා ටයිටන්ස් කල් ඇතිවම සුදුසුකම් ලැබීමේ වටයට

ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිවුවැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල සිය පස්වැනි තරගය නිමාකරද්දී අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමත් සමඟ කල් ඇතිවම පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසියේය. ජැෆ්නා ටයිටන්ස් පිල තරග 5කදී ජයග්‍රහණ 4ක් හා…