Category Sports

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු විස්සයි20 ගැටුම හෙට-ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු ගැටුම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.45ට මවුන්ට් මවුන්ගනු බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන අතර, නවසීලන්ත විස්සයි20 පිලට මිචෙල්…

රොනාල්ඩෝගේ මේ වසරේ ආදායම රු. කෝටි 765ක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙවීයන 2024 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 26ක් උපයා ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 765ක් වැනි දැවැන්ත මුදලකි. මෙම ආදායමත් සමඟ ඔහු 2024 වසරේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…

කොන්ස්ටාස්ගේ උරහිසේ හැප්පුණ කෝලිට අයිසීසියෙන් දඩ

මෙල්බෝන්හිදී ඊයේ ආරම්භ වූ බොක්සිං ඩේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ යොවුන් ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් උරහිසෙන් තල්ලු කිරීමේ වරදට අයිසීසිය කෝලිගේ තරග…

ශ්‍රී ලංකාවට ප්‍රධාන තරගාවලියට යෑමට මැලේසියාව සමඟත් තරගයක්

මේ වසරේ ආසියානු 15 සාමාජික පළමු කොටසේ රග්බි ශූරතාව දිනූ ශ්‍රී ලංකාවට ලබන වසරේ ආසියානු 15 සාමාජික ප්‍රධානතම රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීම තීරණය වන්නේ මැලේසියාව සමඟ පැවැත්වෙන තරගයකින් පසුව බවට වාර්තා වේ. එම තරගය ලබන වසරේ අප්‍රේල් මාසයේ 19 වැනිදා…

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ 4ක් බ්‍රසීලයේදී පොලිස් අත්අඩංගුවට

ක්‍රීඩාවේදී ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ සිවු දෙනෙකු බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමට නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් සාඕ පාවුළු මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩිකාවන් බ්‍රසීලයෙන් පිටවීම වැළැක්වීම…

බොක්සිං දිනයේ ටෙස්ට් තරග 3ක් අද ඇරඹේ

දෙසැම්බර් මස 26 වැනිදා හෙවත් බොක්සිං දිනය ලෙස හැඳින්වෙන අද (26) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය කාර්යබහුල වී ඇත්තේ ටෙස්ට් තරග තුනක් ආරම්භ වන බැවිනි. ඔස්ට්‍රේලියාව – ඉන්දියාව, දකුණු අප්‍රිකාව – පාකිස්තානය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය අතර එම තරග පැවැත්වේ. මේ තරග…

මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිට වසර 4ක තහනමක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපති එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහතාට වසර 4ක තහනමක් පැනවෙයි. වත්මන් පරිපාලනයේ සිටින උපසභාපති ජී.එල්.එස්.පෙරේරා මහතාගේ ගෙල මිරිකා මරණ තර්ජනය කිරීමේ චෝදනාව මත මේ දඬුවම පැනවී ඇත. විශ්‍රාමික දිසා විනිසුරු උපාලි සමරවීර, හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ…

කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාවට ඍජු සුදුසුකම්

ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන අයිසීසී කාන්තා ශූරතාවලිය යටතේ සංචාරක ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ඊයේ වෙලින්ටන්හිදී පැවති…

කෝටියකට අලෙවි වූ බෙවන් ජාකොබ් ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට

අයිපීඑල් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.3කට) මිල දී ගත් ප්‍රහාරාත්මක පිතිකරු බෙවන් ජාකොබ් ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් සංචිතයට එක්කර ගනියි. තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට එක්ව නොමැති නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු බෙවන් ජාකොබ් ඊයේ ශ්‍රී…

කෝටි 4කට අයිපීඑල් යන ඒෂාන් මාලිංග එක්දින සංචිතයට-විස්සයි20න් හැලුණු වෙල්ලාලගේත් එක්වෙයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නැති වේග පන්දු යවන නවක ක්‍රීඩක 23 හැවිරිදි ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගැනීමටත් පෙර ජාත්‍යන්තර අවධානය දිනාගත් ඒෂාන් දකුණු අප්‍රිකාවේ…