Category Sports

දික්වැල්ලට ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් පැනවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම අත්හිටුවා ඇති බවයි.…

විශ්මි ගුණරත්නගෙන් කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිකරණයක නිරත විය. ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…

අයර්ලන්ත කාන්තා පිල පළමුවරට ශ්‍රී ලංකාව පරදවයි

ගේබි ලුවිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිගේ අර්ධ ශතක අපතේ යවමින් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ. ඩබ්ලින්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7කින් ජය…

බෙන් ස්ටොක්ස් හට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වෙයි

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් හට එළඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්. බෙන් ස්ටොක්ස් වෙනුවට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් හට හිමිව තිබෙනවා.…

ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක පිරිස පදක්කම් ලබා දිවයිනට එයි

මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ඊයේ (13)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම…

බස්නාහිර පළාත් කරාටේ බාලක ශූරතාව තර්ස්ටන් විදුහලට

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් පාසල් කරටේ තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය. එහිදී තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්හ. ජයග්‍රාහී කණ්ඩායම, පසු පෙළ (වමේ සිට) –…

ශ්‍රී ලංකා පිල අද සිව්දින පුහුණු තරගය අරඹයි

එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අද (14) වෝස්ට්ෂයර්හිදී සිව්දින පුහුණු තරගයකට එක්වෙයි. මේ සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් ලෙස එංගලන්තයට ගිය අතර, මේ වන විට එම සංචාරයට නම්…

ඔලිම්පික් ගිය වෛද්‍ය හිමාන්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා එක් විය. මෙවර ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එකම වෛද්‍යවරයා හිමාන් ද…

කාසියේ වාසිය අයර්ලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරගය ඩබ්ලින් හිදී පැවැත්වෙනවා.

මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහල සමත් විය. දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති මේ තරගාවලියේදී අවුරුදු 16-18 අතර වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, කේශලා…