Category Sports

ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද සිට-වෙනස්ම සැලසුමකින් ඕවල් පිටියට එන බව දිමුත් කියයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර, තෙවැනි අවසන් ටෙස්ට් තරගය අද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ඉදිරියෙන් එංගලන්තය පසුවන අතර, අද තරගය දෙපිලටම ඉතා තීරණාත්මක වේ. පසුගිය ජූලි මාසයේදී පැවති බටහිර ඉන්දීය…

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකනින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පසුගිය වසරේ සහභාගිවූ ආසියානු කුසලාන…

කෝලි වසරකදී රජයට ගෙවූ ආදායම් බද්ද කෝටි 234ක්

විරාත් කෝලි 2024 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින් එරට රජයට ඉන්දීය රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 234ක්) බදු මුදල් ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව පෙන්වා දෙයි. මේ වසරේ මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී…

වෙල්ලාලගේ-හර්ෂිතා අයිසීසී දක්ෂයන්ගේ නිර්දේශ අතරේ

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වෙල්ලාලගේ හා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රම පසුගිය අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩක නාමලේඛනයට නිර්දේශ වෙයි. වෙල්ලාලගේ සමඟ අයිසීසී පිරිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන්…

වනිඳු සීපීඑල් යයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව තිබේ. සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව ලද කැඳවීමක් මත වනිඳු මේ තරගාවලියට එක් වෙයි.…

ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධි කේන්ද්‍රයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සියලු දත්ත ඇතුළත් ‘බුද්ධි කේන්ද්‍රයක්’ විවෘත කරයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධිතව මේ නව බුද්ධි කේන්ද්‍රය විවෘත කෙරිණි. ලොව සියලු ක්‍රිකට් කණ්ඩායම්වල හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු මේ බුද්ධි…

වසර ගණනාවකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යට ගැසූ රග්බි ආයතනයේ වංචා දූෂණ යළි ඉස්මතු වෙයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූ විවිධ වංචනික ක්‍රියා සහ මූල්‍ය අර්බුද සම්බන්ධ තොරතුරු යළි ඉස්මතු වී ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් මත යට ගසනු ලැබූ එම වංචනික ක්‍රියා එවකට සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ…

දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි-පන්දු යවන්නෝ ගාල්ල දිනවති

චරිත් අසලංක පිට පිට රැස් කළ දෙවැනි ශතකය සහ දසුන් ශානකගෙන් තුන් ඉරියව් දස්කම් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ලෙස ඊයේ පැවති තරගයකින් මහනුවර පිලට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්…

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් ගැටුම 2025 ජූනි 11 සිට ලෝඩ්ස් පිටියේදී

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය 2025 වසරේ ජූනි 11 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිල වශයෙන් අවසන් තරගයේ දින ප්‍රකාශයට පත් කළ අතර, තෙවැනි වරට පැවැත්වෙන මේ ශූරතාවලිය යටතේ 2023 සිට 2025 තරග පැවැත්වෙයි.…

චමරි සංගක්කාර යන අඩි පාරේ

බටහිර ඉන්දීය දූපත්වල පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල කඩුලු 4කින් පරදවා බාබඩෝස් රෝයල්ස් පිල ශූරතාව දිනාගත්තේය. මීට පෙර 2022දී කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේදී ගයානා ඇමසෝන් වොරියර්ස් පිලට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ…