Category Sports

ප්‍රවීන්ට වසරක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. එහෙත් මේ වසරක තහනම මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට ද අයිසීසීය පියවර ගෙන ඇත. අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ එක්දින තරගයේදීත් නවසීලන්තය පරදවති

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගිවූ දෙවැනි තරගයෙන් නවසීලන්ත සංවර්ධන කාන්තා පිල පරදවා ලකුණු 55ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. බ්‍රිස්බේන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල…

එන්එස්එල් එක්දින ක්‍රිකට් අවසන් සටනේ තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණනින් යාපනය සහ ගාල්ල කණ්ඩායම් අද තරග බිමට පිවිසෙයි. කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙන අතර, එහිදී…

‘දක්ෂතා දැක්වූ පමණින් සෑහීමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යන්න’

ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සුරතට ගත් ලෝක ළමා දිනයදා වෙල්ලාලගේගෙන් පණිවිඩයක් පාසල් වයසේ පසුවන ක්‍රීඩකයෙක් දක්ෂතා දැක්වූ පමණින් සෑහිමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යෑම ඉලක්ක කර ගත යුතු බව පසුගිය අගෝස්තු මාසයේ ලොව හොඳම අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා…

වසර ගණනාවකට පසු ටෙස්ට් බිමේ ජයග්‍රාහී මාවත ශ්‍රී ලංකා පිල සොයා ගනියි

පිට පිට තරග 6කදී කාසියේ වාසිය දිනාගත් නායක ධනංජය රහස හෙළි කරයි ටෙස්ට් තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමේ ක්‍රමවේද කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් ක්‍රියාවට නැංවුවද, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් එම ජයග්‍රාහී මාවත සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද…

උපන් දින තෑග්ගට කමිඳු ගම ලෝකයට ගෙන යයි

ගාල්ලේදී උපත ලබා ගාල්ලේදීම ලෝක වාර්තාවක් බිහිකළ කමිඳු මෙන්ඩිස්ගේ 26 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ගාල්ලේදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කොට ලද තරගාවලි ජයග්‍රහණය හරියටම අවුරුදු 26කට පෙර ගාල්ලේදී මෙලොව බිහිවූ කමිඳු මෙන්ඩිස්ට උපන් දින තෑග්ගක් බඳු වූවේය.…

නැටුම්-ගැයුම්-මාල්මාලා සංදර්ශන නැතිව මිලියන 730ක ක්‍රීඩා පහසුකම් ජනතා අයිතියට-අමාත්‍යාංශයේ කෝටි ගණන් වියදම් විගණනය කරයි

ක්‍රීඩා ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අමාත්‍යංශයේ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ අයුරු. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරු ද සිටිති. රුපියල් මිලියන 730ක් වැය කොට ඉදිකළ ක්‍රීඩා පහසුකම් 5ක් උත්සව හා විශේෂ…

දික්වැල්ලට වසර 3ක් ක්‍රිකට් තහනම්

ල්පීඑල් තරගාවලිය අතරතුර මත්ද්‍රව්‍ය (කොකේන්) භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගෝල් මාවලර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සිදු කළ පරීක්ෂණයක…

සනත් ස්ථීර වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මේ පත්වීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට…

වසර 15කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් ටෙස්ට් තරගාවලි ජයක්-ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය තහවුරුයි

සංචාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයකින් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවදුරටත් තෙවැනි ස්ථානය තහවුරු කර ගත්හ. තවත් දින එකහමාරක කාලයක් තිබියදී ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු…