Category Sports

ක්‍රිකට් පාවාදීමේ නඩුවේ සාක්ෂි නොදී අමෙරිකාවේ ක්‍රිකට් තරගාවලියකට ගිහින්

‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024‘ තරගාවලියේදී ක්‍රිකට් තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවී අධිකරණයට නොදන්වා විදෙස්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර‍ ප්‍රේමරත්න මහතා…

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා-නායිකා චමරි අතපත්තු

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් අවසන් පූර්ව වටයට යෑමට සුළු ඉඩකඩක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (9) ඩුබායි තණතිල්ලේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙන අතර 11 වැනිදා නවසීලන්තයට…

2026 විස්සයි20 ලෝක කුසලානය දක්වා පුහුණුකරු ලෙස පත්වූ ජයසූරිය කියයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස අග…

පාකිස්තානය පළමු සටනින් ශ්‍රී ලංකාව පරදවයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සිය කණ්ඩායම පරාජය කිරීමේ වාඩුව ඊයේ රාත්‍රියේ සාජා පිටියේදී ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවූ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 31කින් පරාජය කිරීමට සමත් වූහ. ‘ඒ’…

ඉන්දීය රජය විදෙස් ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් කපා ගනියි

අයිපීඑල් ඇතුළු ඉන්දියාවේ ක්‍රීඩා කරන තරගවලින් ආදායම් උපයන විදේශීය ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් ඉන්දීය රජය අය කරයි. මේ බද්ද ක්‍රීඩකයාට ගෙවීමට පෙර අයිපීඑල් කණ්ඩායම් විසින් අඩු කරනු ලැබේ. උදාහරණයක් ලෙස, විදේශීය ක්‍රීඩකයකුට ඩොලර් මිලියනයක මූලික වැටුපක් තිබේ නම්, ක්‍රීඩකයාට මුදල්…

නව ශ්‍රී ලංකා වාර්තා 2යි තරග වාර්තා 20යි

– වසරේ දක්ෂතම මලල ක්‍රීඩා කණ්ඩායම් ලෙස ජෝසප් වාස්-වත්තල ලයිසියම් සම්මාන දිනයි– හොඳම මලල ක්‍රීඩිකාව 14 හැවිරිදි දිල්නි රාජපක්ෂ වසරේ අති ශූර ක්‍රීඩකයා සඳුන් කෝසල 92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ නව යොවුන් ශ්‍රී ලංකා වාර්තා 2ක් හා…

කාන්තා ශක්තිය උරගා බලන ලෝක ක්‍රිකට් මහා සැණකෙළිය ඇරඹේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වෙයි. ලොව පුරා කණ්ඩායම් දහයක් සහභාගි වන මේ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර දෙවැනි තරගය…

ප්‍රභාත්-කමිඳු ටෙස්ට් පිටියේ ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පිටියේ පන්දු යවන්නන් අතර ස්ථානයක් ඉහළට යෑමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ස්ථාන 5ක් ඉදිරියට යෑමට සමත්ව සිටියි. නවසීලන්තයට එරෙහි පළමු…

කොළඹ ප්‍රහාරය හමුවේ ගාලු බලාපොරොත්තු බිඳ වැටෙයි

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ගාලු කණ්ඩායමට ඊයේ සිදු වූ අතර මූලික වටයේ අවසන් තරගය පරාජය වුවද යාපනය කණ්ඩායමට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදා විය. තරගාවලියේ මූලික වටය නිමා කරමින් ඊයේ පැවති තරගවලින්…

ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් සවුති නායකත්වය අත්හරී

ශ්‍රී ලංකාව හමුවේ 2-0ක් ලෙස ලද ටෙස්ට් පරාජයෙන් පසු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්තය ටෙස්ට් නායක ටිම් සවුති පවසා තිබේ. 2022 වසරේ කේන් විලියම්සන් ඉවත් වීමෙන් පසු නායක්තවයට පත්වූ සවුති ටෙස්ට් තරග 14කදී නවසීලන්තය මෙහෙයවා ඇති අතර, එහිදී ජයග්‍රහණ 6ක්,…