Category Sports

ආසියානු නැඟී එන ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්තානයට

මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිදු විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලය 6 වැනි වරට මේ තරගාවලිය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘සිස්ටම් චේන්ජ්’ එකක්-දක්ෂතා ඇති සෑම ක්‍රීඩකයකුටම අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් හදනවා – නායක චරිත් අසලංක

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව ලබා ගැනීම උදෙසා ක්‍රීඩකයන් අතරේ දැඩි තරගකාරීත්වයක් ඇති හෙයින් දක්ෂතා අතර සිටින සෑම ක්‍රීඩකයකුටම මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් මේ දිනවල සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසීය.…

පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි විය. රාවල්පින්ඩිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර…

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වෙනවා. ඕමානයේ පැවැත්වෙන එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට…

කොදෙව්වන්ට කඩුළු 08 ක ජයක් – තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…

වත්මන් නැඟී එන ආසි­යානු ශූර­යන් ගෙදර ශ්‍රී ලංකා ‘ඒ’ අව­සන් තර­ග­යට

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය නැඟී එන ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධාන කරන නැඟී එන කණ්ඩා­යම් ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය. අව­සන් වරට පසු­ගිය වසරේ පැවති තර­ගා­ව­ලියේ ශූර­යන් වූ පාකි­ස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩා­යම…

ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථා අවුල විසඳ ගන්න ලෝක සංග­මය තවත් මාස තුනක් කල් දෙයි

ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට හා නව නිල­ධාරි මණ්ඩ­ලය පත් කිරී­මට ශ්‍රී ලංකා­වට ලබා දී ඇති කාල­සී­මාව තවත් මාස තුන­කින් දීර්ඝ කිරී­මට ලෝක රග්බි සම්මේ­ල­නය තීර­ණය කරයි. ඒ අනුව ලබන වසරේ ජන­වාරි 31 වැනි දිනට පෙර ශ්‍රී ලංකා රග්බි…

චරිත් අසලංක ධනාත්මක ආකල්ප ඇති නායකයෙක්-වනිඳුගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක තුළ නායකයකු සතුව තිබිය යුතු හොඳම ගුණාංග ඇති බවත්, සියලු දේ පිළිබඳ ධනාත්මක ආකල්පයකින් කටයුතු කිරීම ඔහු තුළ ඇති විශේෂත්වයක් බවත් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කළේය. මේ…

නවකයන් දෙදෙනකු සමඟ නවසීලන්ත පිල 4 දා ශ්‍රී ලංකාවට

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. විස්සයි20 තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් මේ සංචාරය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නවසීලන්තය ක්‍රිකට් තේරීම් කමිටුව විසින්…

පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළින් ආසියාවට වාසි ක්‍රීඩා 10ක් කපලා-ඔස්ට්‍රේලියාව බෑ කියද්දී ස්කොට්ලන්තය හා කියයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට තීරණය වෙයි. 2026 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ග්ලාස්ගෝව්හිදී මේ ක්‍රීඩා උලෙළ පැවැත්වෙන බව පොදු රාජ්‍ය…