Category Sports

මෙල්බර්න් ටෙස්ට් තරගයේදී වසර 87ක් පැරණි වාර්තාවක් බිඳවැටෙයි

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ බොක්සිං දින ටෙස්ට් තරගය නැරැඹීම සඳහා 350,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගිවීම හේතුවෙන් වසර 87ක් පැරණි ටෙස්ට් තරගයකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ වාර්තාව බිඳ වැටෙයි. සාම්ප්‍රදායිකව නත්තල් දිනට පසු දින ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු…

කමිඳුට තවත් නිර්දේශයක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තවත් අයිසීසී සම්මානයකට නිර්දේශ වී තිබේ. ඒ අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන අතර, ඔහු පසුගියදා අයිසීසී වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ද නිර්දේශ අතරට එක්ව සිටියේය. අයිසීසීය ඊයේ නිකුත්…

රග්බි නිලවරණය ජනවාරි 21 දා නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

අර්බුද රැසකට ලක්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන ජනවාරියේ 21 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ව්‍යස්ථා සංශෝධන අර්බුදයක් හේතුවෙන් දිග්ගැස්සුණු රග්බි නිලවරණය අභියාචනාධිකරණයෙන් මේ මස මුල් භාගයේදී සමථයකට පත්වීමෙන් පසු නිලවරණ කමිටුව පත්…

දුර්වල පිතිකරණය ශ්‍රී ලංකාව කලින්ම තරගාවලි පරාජයට ඇද දමයි

ලකුණු 14ක් තුළ අවසන් පිතිකරුවන් 7 දෙනා දැවී යමින් පිට පිට දෙවැනි වරටත් මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 45කින් පරාජය…

ක්‍රිකට් පිටියේ රිදී සීනුව නිහඬ වී වසර 12යි

ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර ප්‍රකාශක ටෝනි ග්‍රෙග් මහතා නිහඬ වී ඊයේ දිනට වසර 12ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය. ප්‍රතාපවත් පෞරුෂයකින් හා…

නවසීලන්තයට එකට එක කරන්න ශ්‍රී ලංකා පිල අද පිටියට-පළමු සටනේදී පැතුම්-කුසල් සබඳතාව අපතේ යයි

සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය එකට එක ලෙස සම කරමින් තවදුරටත් තරගාවලිය තුළ රැඳී සිටීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (30) දෙවැනි විස්සයි20 තරගයට පිටියට පිවිසෙයි. එම තරගයත් මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදීම මෙරට…

ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත. ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට…

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු විස්සයි20 ගැටුම හෙට-ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු ගැටුම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.45ට මවුන්ට් මවුන්ගනු බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන අතර, නවසීලන්ත විස්සයි20 පිලට මිචෙල්…

රොනාල්ඩෝගේ මේ වසරේ ආදායම රු. කෝටි 765ක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙවීයන 2024 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 26ක් උපයා ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 765ක් වැනි දැවැන්ත මුදලකි. මෙම ආදායමත් සමඟ ඔහු 2024 වසරේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…

කොන්ස්ටාස්ගේ උරහිසේ හැප්පුණ කෝලිට අයිසීසියෙන් දඩ

මෙල්බෝන්හිදී ඊයේ ආරම්භ වූ බොක්සිං ඩේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ යොවුන් ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් උරහිසෙන් තල්ලු කිරීමේ වරදට අයිසීසිය කෝලිගේ තරග…