Category Politics

බදුල්ල පස්සර මාර්ගයේ නායයෑමක් – ගමනාගමනයට බාධා

බදුල්ල පස්සර ලුණුගල ඒ් 5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශය අද ( 18)  දින අළුයම නායයෑමට ලක්වීම නිසා  මාර්ගය මුළුමනින්ම වැසී තිබේන බව බදුල්ල ආපදාකළමණාකරන ඒ්කකය පවසයි. මාර්ගයට ඉහළ කදුකර ප්‍රදේශය  වැස්සත් නොමැතිව තිබියදි අද උදේ 2.45ට ඒක පමණ  නායයෑම…

විශිෂ්ට ජයක් ලැබූ ජාජබයට සජබයෙන් සුබපැතුම්

මහමැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට අවංකව සුබ පැතුම් එක් කර සිටින බව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.…

මෙවර පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක්

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සනිටුහන් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් 22 දෙනකු තේරී පත්ව තිබේ. ඒ අතරින් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරති. මහජන නියෝජිත ආයතනවලට වැඩි කාන්තා නියෝජිතයන් ප්‍රමාණයක් පත්විය යුතුව ඇති බවට මත පළ…

දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්-තෙදින වැඩමුළුවකුත් පවත්වයි

දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන…

සර්වජනයෙන් දිලිත්

සර්වජන බලය පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් සුසන්ත ජයවීර මහතා නම් කර ඇත. පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව දිලිත් ජයවීර…

පාර්ලිමේන්තුවට තේරුණු දමිළ මන්ත්‍රීවරුන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ තීරණයක

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්…

අරුසු කච්චි ලැයිස්තු ධුරයක් පැරදුණු දොස්තර සත්‍යලිංගම්ට-තීරණය ගැන ඇතුළෙන් ප්‍රශ්න

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට වෙන් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූ එම පක්ෂයේ මහ ලේකම් පී. සත්‍යලිංගම් වෛද්‍යවරයාට දීමට දේශපාලන කමිටුව 17 දා තීරණය කිරීමත් සමඟම යළිත් එම පක්ෂය තුළ අර්බුදයක් මතු…

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට…

වියදම් වාර්තා නොදෙන අපේක්ෂකයන්ට-පක්ෂවලට එරෙහිව නෛතික පියවර-මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා මැතිවරණ කොමිසටම භාර නොදෙන සියලු අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නෛතික පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂවලින්…

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන් කර තිබෙනවා ඒ අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට එම මන්ත්‍රී අසුන ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ