Category Politics

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන රාජ­කාරි අර­ඹයි

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන මහතා විද්‍යා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යේදී පෙරේදා (19) සිය රාජ­කාරි නිල වශ­යෙන් ආරම්භ කළේය. නව රජයේ පර්යේ­ෂණ හා සංව­ර්ධන ප්‍රති­පත්ති සංව­ර්ධන කමි­ටුවේ මහා­චාර්ය ගෝමික උඩු­ග­ම­සූ­රිය ජාතික විද්‍යා පද­නමේ සභා­පති මහා­චාර්ය සමන් සේන­වීර, විද්‍යා හා තාක්ෂණ…

10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා වාරය අද (21) පෙර­වරු 10.00ට උත්ස­වා­කා­ර­යෙන් ආරම්භ කෙරේ. පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම සභා වාරය ආරම්භ කිරීම සඳහා පෙර­වරු 9.55ට ගණ­පූර්ණ සීනුව නාද කිරී­මෙන් අන­තු­රුව පෙර­වරු 10.00ට පාර්ලි­මේ­න්තුව රැස්වේ. වේත්‍ර­ධාරි කුෂාන් ජය­රත්න මහතා විසින් සෙංකෝ­ලය සභා ගර්භයේ තැන්පත්…

රාජා­සන කතා­ව පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙර­වරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට නිය­මි­තය. දස වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්ස­ව­යක් ලෙස පැවැ­ත්වී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක…

බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි වැඩ අර­ඹයි

බල­ශක්ති ඇමැති විදුලි ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා ඊයේ (19) කොළඹ මල්පාරේ පිහිටි බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය. ජාතික ජන බල­වේ­ගය විසින් ඉදි­රි­පත් කළ “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ප්‍රති­පත්ති ප්‍රකා­ශය ඉදි­රි­යට ගෙන­ය­මින් මහ­ජන මූලික බල­ශක්ති ක්ෂේත්‍ර­යක් ඇති කිරීමේ කාර්ය­යට…

ශ්‍රී ලාංකි­ක­යන්ගේ බිඳ­වැ­ටුණු ජීවිත ගොඩ­ගන්න අපට එකතු වෙලා පුළු­වන්-බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ­නැ­ඟීම ප්‍රධාන අර­මුණ බව බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැව­සීය. ඇමැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (19) කොළඹ-07, ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පාල මාවතේ පිහිටි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශ­යේදී සිය රාජ­කාරි ආරම්භ කර­මිනි. මේ…

අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර ලස්සන ජීවි­ත­යක් ජන­තා­වට උරු­ම­ කර දෙනවා-වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න

අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහො­සත් රටක් කර ලස්සන ජීවි­ත­යක් මේ රටේ ජන­තා­වට අත්පත් කර­දී­මට කැප­වන බව වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පැව­සීය. වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා…

හරින් ඇප මත නිදහස් කෙරේ

අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. මැතිවරණ…

අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය මෙසේය : 01. අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා02.…

නව පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසයි. ඇය පවසන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30…