Category Politics

පාර්ලිමේන්තුවේ ගෞරවය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත් කටයුතු කරනවා-කථානායක අශෝක සපුමල් රන්වල

මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව හා කාර්යක්ෂමව ඉටුකිරීමට කැපවන බව අභිනව කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ…

රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ගත් පියවර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්-හිටපු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 22 දෙනෙකු…

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාර ගනිති

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලවලදී ඊයේ (21) පස්වරුවේ වැඩ භාර ගැනීම සිදු කළහ. ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සභානායක ලේකම් ජනකාන්ත සිල්වා, ආණ්ඩු පක්ෂයේ…

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ඒ මහතා පෙරේදා (20) සිය ධුරයේ රාජකාරී ඇරඹීය.

මින් පෙර මන්ත්‍රීවරයකු නොවූ අයකු කථානායක ධුරයට පත්වීම පරිවර්තනීය වෙනසක්-මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගෙන් සුබ පැතුම්

අභිනවයෙන් තේරී පත් වූ කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සුභාශිංසන පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනවයෙන් පත් වූ කථානායක ආචාර්ය අශෝක…

ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැහැ-හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ

ජනතා විමුත්ති පෙරමුණ හැර මේ රටේ වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැතැයි හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (20) පැමිණ වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මේබව පැවසීය. විධායක ජනපතික්‍රමය…

නාගරික සංවර්ධන-නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී රාජකාරි ඇරඹීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී උපාධිධරයකු වන රංජිත් ආරියරත්න මහතා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා කිහිපයකට ද ඔහු…

ස්ථාවර නියෝගවලට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කිරීම කථානායකගේ වගකීමක්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් සුබ පැතුම්

දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත විපක්ෂයේ සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. පාර්ලිමේන්තු සභා ගැබ තුළ අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් කටයුතු කිරීම අභිනව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක්…

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භයේ සිදු කරන ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා