Category Politics

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න-සමාජ ක්‍රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) නැවත පැමිණිල්ලක්…

හිටපු අැමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව එවකට වෙ‍ෙළඳ අමාත්‍යවරයාව සිටි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) පැය 4ක් පුරාවට දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. රුපියල්…

ජනපති අනුරගේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර…

විද්‍යා හා තාක්ෂණ ඇමැති ආයතන කිහිපයක සංචාරයක

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රගතිය සහ සැලසුම් සමාලෝචනය සඳහා තම අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ජාතික පර්යේෂණ සභාව (NRC) සහ ග්‍රහලෝකාගාරයේ නිල සංචාරයක පසුගියදා (13) නිරත විය. අමාත්‍යාංශ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතා සහ…

දක්ෂතාව නිපුණතාව ඇති මානවීය තාරුණ්‍යයක් නිර්මාණය කර ගත යුතුයි-ඇමැති සුනිල් කුමාර ගමගේ

දක්ෂතාව සහ නිපුණතාව සහිත මානවීය ගුණාංගවලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (15) ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වන ලද සහතිකපත්‍ර ප්‍රදානයට එක් වෙමිනි. ජාතික…

සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල CID කැඳවයි

සීනි බදු වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට  හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව ‌පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ විට ඒ මහතාගෙන් අදාළ වංචාව පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපති අනුර පිළිගැනීමේ උත්සවය ඇරඹෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය…

ජනපති අනුර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාව.

කුමන තරාතිරමක කෙනෙක් වුණත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැළිවන්නේ නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාව තමන් සහ තම කණ්ඩායම කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ,…

UNHCR මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) සරණාගතයන් පිළිබඳ සහකාර මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් රුවෙන්ද්‍රිනී මැණික්දිවෙල මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සරණාගතයන් සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත්…