Category Politics

කාලගුණික හේතු නිසා සහල් මිල වෙනස් විය හැකියි-සජබ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක

යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වීමට හැකියාව තිබෙන බව සමගිජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා…

මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කර ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත්…

අගමැතිනිය මගේ ගුරුවරියයි-සහතික ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි

කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. කිසිදු ජීවදත්ත පත්‍රිකාවක තමන් නොලැබූ…

කෙහෙළියගේ කෝටි 2ක බැංකු ගිණුම් 2ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් දෙකක් ලබන 24 වැනිදා දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්හිටුවා ඇත. මේ පිළිබඳ අධිකරණයට කරුණු දක්වා එම…

ජනපතිගෙන් ජනතාවට සහන රැසක්-ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟත්වයකට පැමිණි බව ජනපති මැතිසබේදී කියයි

කාණ්ඩ තුනකින් වාහන ගෙන්වීමට අවසර 2022-2023 වගේ තත්ත්වයක් යළි කිසිදා රටේ ඇතිවෙන්නේ නෑ ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟත්වයකට පැමිණි බව ජනපති මැතිසබේදී කියයි උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර අරමුදල සමඟ…

වංචා දූෂණ ලිපි ගොනු 760 ගැන අවශ්‍ය නම් පිළිතුරු දීමට සූදානම්-ඇමැති වසන්ත සමරසිංහ

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව ගොස් වෙනත් මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් ගොනු කළ ලිපිගොනුවක් ද ජාතික ජන බලවේගය සතුව පවතින අතර අවශ්‍ය නම් එය ඉදිරිපත් කළ හැකි…

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩා ප්‍රශස්ත සේවාවක් ජනතාව වෙත ළඟා කරලීමේ ගමනේදී කථානායකවරයා සතුව සුවිශේෂ කාර්යභාරයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාටම ගුණාත්මක මහජන සේවාවක් ඉටු කිරීමේදී…

මන්ත්‍රී අර්චුනාට එරෙහි පෙත්සම ජනවාරි 15 විභාගයට

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රැකියාවෙන් ඉවත් නොවී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබන ජනවාරි 15 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය…

ජනපති අරමුදල අවභාවිත කරලා

ඇමැති නලින්ද දේශපාලක නම් ලැයිස්තුව මැතිසබයේ දිගහරී දයාසිරි ජයසේකරපියසේන ගමගේපී. හැරිසන්ජෝන් අමරතුංගපී. දයාරත්නඑස්.ඊ. මුතුකුමාරණවාසුදේව නානායක්කාරසරත් අමුණුගමඑස්.බී. නාවින්නරාජිත සේනාරත්නකෙහෙළිය රඹුක්වැල්ලරංජිත් සොයිසාදි.මු. ජයරත්නසුමේධා ජයසේනපියල් නිශාන්තසුසිල් ප්‍රේමජයන්තඉසුර දේවප්‍රියවිදුර වික්‍රමනායකජගත් කුමාරකේ.පී.එස්. කුමාරසිරිජයලත් ජයවර්ධනනාමල් ගුණවර්ධනධර්මදාස බණ්ඩාවිමලවීර දිසානායකලකී ජයවර්ධනපී. චන්ද්‍රසේකරන්මනෝජ් සිරිසේනජෝෂප් මයිකල් පෙරේරාටී.බී. ඒකනායකඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකාජයන්ත වීරසිංහඇලික්…

ශ්‍රී ලංකා-ඉන්දීය සහයෝගිතාවට රනිල්ගෙන් අනුරට පැසසුම්

ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙරේදා (16) නවදිල්ලියේදී නිකුත්…