Category Politics

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපාය මාර්ගික කමිටුවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබාදී…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බවද මැතිවරණ කාර්යාලය ප්‍රකාශ…

වෙන­මම පුද්ග­ල­යකු පත් කර ගනි­මින් මැතිවරණ අපේ­ක්ෂ­ක­යන් ආදායම්-විය­දම් පව­ත්වා­ගෙන යා යුතුයි-පැෆ්රල් සංවි­ධා­නය

වෙනම ම පුද්ග­ල­යෙකු පත් කර ගනි­මින් මහ­මැ­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් සිය විය­දම් සහ ආදා­යම් වාර්තා පව­ත්වා­ගෙන යෑම සුදුසු බව පැෆ්රල් සංවි­ධා­නය පව­සයි. එසේ නොවුණ හොත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ආදා­යම් විය­දම් වාර්තා ලබා දීමේ දී ඇතැම් අපේ­ක්ෂ­ක­යන්ට සිදුවූ අප­හ­සු­තා­ව­ලට මෙම…

නව­වැනි පාර්ලි­මේන්තු කාලය තුළ කාරක සභා 74කින් වාර්තා 131ක් ඉදි­රි­පත් කරලා

නව­වැනි පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වූ කාල­ප­රි­ච්ඡේ­දය තුළ ස්ථාවර නියෝ­ග­ව­ලට අනු­කූ­ලව කාරක සභා 74 ක් පිහි­ටුවා තිබූ අතර, එම කාරක සභා මඟින් වාර්තා 131ක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇත. ස්ථාවර නියෝග ප්‍රකා­රව පිහි­ටුවා තිබූ කාරක සභා­ව­ලට අම­ත­රව විවිධ විෂ­ය­යන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු සංසද 12…

අපේක්ෂකයකුට ඡන්ද දායකයකුට වියදම් කළ හැකි මිල ගණන් ගැසට් කරයි

2024 මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් වැය කළ හැකි උපරිම මුදල සඳහන් වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේවන විට නිකුත් කර තිබේ.ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය වෙනසක් පවතී.…

වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

අයි.එම්.එෆ්. රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. සමගි ජන බලවේග…

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහමැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති බවත් මහමැතිවරණයක් ආසන්න මොහොතක සමගි වනිතා බලවේගයේ…

තැපැල් ඡන්දයට දින දෙයි

පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 1 සහ 4 දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් 7 සහ 8 දිනවලදී…

රටේ විනාශයට රාජ්‍ය සේවයත් වගකිව යුතුයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත

මේ රට විනාශවීම සම්බන්ධයෙන් මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයත් වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ‘දිනමිණට’ ඊයේ (17) අදහස් දක්වමින් ඒ මහතා…

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,