Category Politics

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අගමැති අතර හමුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් ජනවාරි 04 වැනිදා = විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි. මෙහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින…

ඇමති නලින්දගේ ප්‍රකාශයක් සජබය හෙලා දකී

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කර ඇති ප්‍රකාශය තර්ජනයක් බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් සමගි ජන බලවේගය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළා…

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ…

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය පවසයි. තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව…

වසා දැමූ කර්මාන්ත යළි අරඹා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා-නව වසරේ අමාත්‍යාංශයේ වැඩ අරඹමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ කරමින් මේ වසර ජාතික ඵලදායීතා වර්ෂය හැටියට නම් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) නව වසර වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ…

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…

අනුර ජනපති වී දින 100ක් වෙනුවෙන් වීඩියෝවක්

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වීඩියෝව නම් කර ඇත්තේ ‘සියක්වසක් උදෙසා දවස් සියයක්’ යනුවෙනි. 2024 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා…

තලතා අතුකෝරල එජාපයේ මහ ලේකම් ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි

ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත්

ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා‌ගේ ප්‍රධානත්ව‌යෙන් ඊයේ (02) කාර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා…

ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී…