Category Politics

බාල බෙහෙත් වලින් ඇස් අන්ධ වූ පිරිසට වන්දි

ගිය ආණ්ඩුව  සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පාර්ලිමේන්තුවේ දී…

පොදු විභාග ක්‍රමයකින් විභාගවලට මුහුණදෙන දරුවන්ට අද අවශ්‍ය පොදු අධ්‍යාපන ක්‍රමයක්-අගමැතිනී හරිනි අමරසූරිය

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තුව අද (07) රැස්වෙන අතර මේ 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ. මේ අතර නව වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අය-වැය විවාදය) පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…

පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන යළි රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව…

ජනපති අරමුදලට බොරු තොරතුරු දී මන්ත්‍රීවරු වැඩිපුරත් සල්ලි අරන්-CID ය උසාවිය හමුවේ කියයි

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය…

අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ…

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය…

රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත්…

තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත.

බැසිල්ගේ වත්කම් හොයන්න CID යට ආ විමල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළ නමුත් ඔහුට අමෙරිකාවේ අසාමාන්‍ය ධනයක් තිබූ බවත් ඔහුගේ වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට 03දා විමල් වීරවංශ…