Category Politics

රනිල්ගේ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියෝග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, අද (26) පස්වරුවේදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක්…

රනිල්ට ඇප

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.…

රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු සදහන් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 4න් 3ක අවහිරතා පවතින බවත්, ඔහු…

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට සහභාගී වී තිබෙයි. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

සජිත්, රනිල්ට සහය පළ කරන විරෝධතාවයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා. ‘මර්දනයට එරෙහිව’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටිනවා.…

ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයකු…

දිලීප පීරිස්ට STF ආරක්ෂාව

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි සඳහන් වන්නේ. වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් වන්නේ.

රනිල් අද අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රක්ෂිත බන්ධනාගාරගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට…

මේ එකතු වෙලා ඉන්න හැම දෙනාටම පුද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා – ඩයනා ගමගේ

රටේ එක නීතියක් තිබිය යුතු බවද, සැමටම එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද යන ස්ථාවරයේ තමා සිටින බව හිටපු ඇමතිනී ඩයනා ගමගේ පවසනවා. සියළු දෙනාම එකට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති කෙනෙක් ලෙස රනිල් වික්‍රමසිංහ යන නාමයට බවත්, මොවුන් සියළු…

රනිල් වික්‍රමසිංහ යන තනි පුද්ගලයාව රැකීමට මට කිසිම වුවමනාවක් නෑ – දයාසිරි ජයසේකර

‘පරණ හොරු’ සමග එකතු වී එක මේසයේ අසුන් ගත්තේ ඇයි දැයි සමහරුන් තමාගෙන් විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් තමන්ට එකතු වී වැඩ කිරීමට අවස්ථා පැමිණිය හැකි බවයි ඔහු එහිදී පවසා සිටියේ. මිතුරන්…