Category Politics

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. දැනට තිබෙන පොලිස්ථාන වලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක…

ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වෙයි

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා…

ජනපති අනුර, ලබන සතියේ චීන ජනපති හා අගමැති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14වැනිදා සිට 17වැනිදා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක්…

ඉන්දීය ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අතර හමුවක්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් මහතා සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා අතර හමුවක් පැවැත්විණි. ඒ ඊයේ (10) කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.…

ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාව වැඩ අරඹයි

උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ මහතා පවසයි. කර්මාන්ත…

පාර්ලිමේන්තුව කැලණියේ මහා ශිෂ්‍ය සංගමය නොවෙයි-මන්ත්‍රී දිලිත් ජයවීර

ජනතාවගේ සිහින මරා දැමීම හැර එම සිහිනවලට පණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයක් ඇතුළු නියමයන් හා නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවති…

ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වන විට මාධ්‍යයට චෝදනා කිරීම සුදුසු නැහැ-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මැතිවරණ කාලයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වන විටදී මාධ්‍යයට චෝදනා එල්ල කිරීම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මැතිවරණ කාලයේ…

මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්-ඇමැති විජිත හේරත් මැති­ස­බ­යේදී කියයි

– ගිවිසුම කියවලවත් නෑ– අත්සන් කළේ ප්‍රාන්තයක නගරාධිපතිවරයෙක්– පාකිස්තාන ගිවිසුමක් ලංකාවටත් යොදාගෙන– ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා…

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම වළක්වන්න රජය වහා මැදිහත් විය යුතුයි-සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා…