Category Politics

නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද

නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වීමට නියමිතය. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර, එම තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එජාප-සජබ සන්ධානයට තවත් බාධකයක්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති…

පාර්ලිමේන්තුව විසුරුවයි

පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට අදාළ ගැසට් පත්‍ර­යට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (24) රාත්‍රි අත්සන් තබා තිබේ. ඒ අනුව පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේ­ද­නය ඊයේ (24) රාත්‍රියේ රජයේ මුද්‍ර­ණා­ලා­ධි­ප­ති­ව­රිය වෙත මුද්‍ර­ණය සඳහා යොමු කර ඇත.

අගමැති ධුරයේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනි අමරසූරිය, අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. එමෙන්ම…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්. මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කැපවෙන්න සූදානම්-ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අභිනව ජනපති ජාතිය අමතයි

පාලකයෙක් තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නෑ: දන්න දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන වැඩ කිරීමට සූදානම්: දේශපාලකයන් සහ දේශපාලනය ගැන පුරවැසියන්ට ගෞරවයක් ඇති කීරීමට වෙහෙසෙනවා: රට ගොඩනැඟීමට අපේ ක්‍රියාදාමයට උදව් කරයි කියන විශ්වාසය මට තිබෙනවා:  ජනතාව…

සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ සේවය කරයි. රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව…

මෙරට නව වැනි විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දී ය. ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්…

ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු…

නව ජනපති අනුරට රට භාරදී නික්ම ගිය ජනපති

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි යනුවෙනුයි.…