Category Politics

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර අහෝසි කර නෑ-කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

රාජ්‍ය සේවයේ උසස් නිලධාරින්ට ලබා දෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට මේ වන විට වාහන…

අර්චුනා කලකිරෙයි: ආණ්ඩුවට සහාය නොදෙන බව කියයි

සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මින් ඉදිරියට රජයට ලබා දෙන සියලු සහායන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දින 64ක් කතා කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන්…

කබ්රාල්ට එරෙහි අල්ලස් නඩුව පෙබ: 21ට කල් යයි

ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යෑමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න පෙබරවාරි 21දා ප්‍රකාශ කරන බව…

වෛද්‍යවරයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තා කැඳවයි

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රෝගී තත්ත්වයක් පිළිබඳ විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට වෛද්‍ය සහතිකයක් දෙන ලද වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයාට ඊයේ (22) නියෝග කළේය. වෙළෙඳ…

සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook) මුහුණුපොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන Òනාමල් කුමාරÓ යන අය ලබන…

රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

රෝහින්ග්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැති විවාදයට සහභාගි වෙමිනි.…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමක් සිදු කර නොමැති බවත්, දෘෂ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පමණක් මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් චාමර සම්පත්…

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ප්‍රැට්‍රික් මහත්වරුන් අතර හමුවක් පසුගියදා (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ වනවිට රට තුළ පවතින සමාජීය සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා මෙහිදී…

අමෙරිකා තානාපති-ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳ, ඒ සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙන්ම, මේ වන විට රටේ පවතින සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මෙරට සිටින අමෙරිකා එක්සත් ජනපද තානාපති…

විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ…