Category Politics

ජනපති මන්දිරවල නාස්තිය දැන්වත් නවත්වමු-කැකිරාව,තඹුත්තේගම ජනහමුවලදී ජනපති කියයි

රට ගොඩනැඟීමට ආණ්ඩුවට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර,කැකිරාව, තඹුත්තේගම ප්‍රදේශවල පැවැති ජනහමුවලට පෙරේදා (26) සහභාගී වෙමිනි. පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම මිස කිසිවකුගෙන් පළිගැනීමේ අරමුණක් තමන්ට හෝ…

අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නෑ-ජනපති අනුර දිසානායක අනුරපුරදී කියයි

පාතාලය ඉක්මණින් මර්දනය කරනවා හැමදාම සහනාධාරවලින් යැපෙන්නන් සිටිය යුතු නෑ මේ වනවිට අවසන් කරමින් යන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය බවත් අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අනුරාධපුර…

යෝෂිත අද උසාවියට

නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (27) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ…

සහතික මිලට වැඩියෙන් සහල් විකුණන්න දෙන්නේ නෑ-අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

අතරමඟ නතර වුණු ව්‍යාපෘති ඉක්මනින්ම –ජනපති අනුරපුර-කැකිරාව-තඹුත්තේගම ජනහමුවලදී කියයි රජය විසින් පනවන ලද සහතික මිලට වඩා වැඩිමිලට එක සහල් ඇටයක් හෝ විකිණීමට ඉඩ නොතබන බවත් ඉතාමත් කෙටි කලකින් සහල් ගැටලුව අවසන් කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනපතිවරයා මේ…

ජනතා බලයට විරුද්ධ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නෑ-ජනපති අනුර දිසානායක හෝමාගමදී කියයි

පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව, මාධ්‍ය මඟින් බොරු ප්‍රචාර නොකර, ජනතාව එක්වී ගොඩනැඟූ ලංකා ඉතිහාසයේ එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (25) පස්වරුවේ හෝමාගම…

රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා – ජනපති කියයි- පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා

පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම…

පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි

පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ බලය පොලිසියට පවරා ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ පසුගිය…

“තව සති දෙකක් මට දෙන්න” – ජනපති කියයි

වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඊයේ(25) ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන්…

මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වග උත්තරකරුවන්…

ඇමැති වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය අඩු කරයි-ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්…