Category Politics

ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි (11). අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව – 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර,…

හිරුණිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඊයේ (10) පෙරවරුවේ නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

සෞඛ්‍ය ඇමැති නලින්ද ගමේ රෝහල බලන්න යයි-අඩුපාඩු විසදන්නත් උපදෙස්

ඖෂධයකට, ඇඳකට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවකට පමණක් සීමා නොවී රෝගියා මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රෝහල් පද්ධතිය දියුණු කිරීමේදී රෝහලකට පැමිණෙන රෝගියකුට අවශ්‍ය මානසික…

ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින්…

විශ්‍රාම වැටුප් අහෝසියට සියලු මන්ත්‍රීවරු එකඟයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව…

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙයි. ඒ එම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්…

වැඩබලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කෙරේ

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු…

ලෝක රාජ්‍ය සමුළුවට ජනපති අද UAE යයි

“ලෝක රාජ්‍ය සමුළුව – 2025” සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් ෂයිඩ් අල් නායන් මහතාගේ ආරාධනයකට අනුව අද සිට එළඹෙන 13…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ඇතිව තිබෙන සමාජ විරෝධය නැති කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (07)…

අපහාස නඩුවෙන් ලැබුණු වන්දි මුදල පොදු වැඩට දෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

තමාගේ නමට හානි වන ආකාරයේ දෙයක් යම් ආයතනයක් හෝ පුද්ගලයකු කළහොත් ඒ වෙනුවෙන් තමන් අනිවාර්යයෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා(07)පැවැතියේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා…