Category Politics

අමුද්‍රව්‍ය-අර්ධ නිමි ද්‍රව්‍ය කර්මාන්තකරුවන්ට බදු සහන දීමට පියවර-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

අමුද්‍රව්‍ය හා අර්ධ නිමි ද්‍රව්‍ය සඳහා කර්මාන්තකරුවන්ට බදු සහන දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරන…

ප්‍රතිලාභ රැසකුත් රැගෙන ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ද අත්කර දෙමින් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් නැවත පැමිණියේය. ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය…

විජේරාමේ වතුර කැපීම ගැන ජලසම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන පුවත් සාවද්‍ය බවත් ජල සැපයුම විසන්ධි කර ඇත්තේ අදාළ නිලනිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම ස්ථානයෙහි මහින්ද…

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ, පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත,…

හිටපු ජනපති මහින්දගේ නිවසේ ලක්ෂ 03 ක හිඟ ජල බිලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල…

ජනපති දිවයිනට එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 – ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර…

ශ්‍රී ලංකා-ඉන්දියා ආරක්ෂක සහයෝගිතා තර කිරීමට අවධානය-දෙරට ආරක්ෂක ලේකම්වරු බැංගලෝරයේදී හමුවෙති

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ආරක්ෂක සහයෝඟිතාව තවදුරටත් ඉහළ නැංවීමට දෙරටේ අවධානය යොමුව තිබේ. ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී පවත්වා තිබෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන…

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන මාසයේ

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11) පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ,…

විද්‍යා හා තාක්ෂණ ඇමැති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ හමුවක් පැවැත්විණ. මෙම හමුව පෙරේදා…

මේ වසරේ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නෑ-කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

මේ වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11) ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි කර්මාන්ත 38ක් ස්ථාපිතව…