Category Politics

‘ජාතික ආරක්ෂාව අනතුරේ’ වැරදි මතයක් ජනමාධ්‍යයේ-කැබිනට් ප්‍රකාශක

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් පදනම් කරගෙන ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා…

අර්ජුන් මහේන්ද්‍රන් ආවත් නැතත් නීති මඟින් පියවර-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමේ උත්සාහය අතහැර නොමැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමේ යම්…

වැඩි ඡන්ද 109කින් සම්මතයි-පක්ෂව 155යි: විපක්ෂව 46යි

-තෙවැනි වර ඡන්ද විමසීම මාර්තු 21දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගියදා (17) ඉදිරිපත් කරන ලද මංගල අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) සවස පැවති දෙවැනි වර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර…

ආරක්ෂාව ගැන කතා කරන්න ජනපති, යුද හමුදා ජ්‍යෙෂ්ඨයන් හමුවෙයි

වත්මන් ආරක්ෂක තත්ත්වය, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (25) පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ…

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා-ජනාධිපති අනුර දිසානායක

සියලු දෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින බවත් මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන්…

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යෑම සවිමත් කිරීමට ‘Sri Lankan Day’ සමරමු-ජනාධිපති අනුර දිසානායක

ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් ‘Sri Lankan Day’ සැමරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින්…

ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි-වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් කරන ගැලප් ශෛලියේ Òරට…

සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා ඉදිරිපත් කරන්න-ඇමැති, වෛද්‍ය නලින්ද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලයි

සෞඛ්‍ය සේවාවේ සියලු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත් ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ…

කෙහෙළියගේ අත්හිටුවූ දේපළ ලේඛනවල සහතික කළ පිටපත් නීතිඥයෝ ඉල්ලති

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ උදවියට අයත්, අත්හිටුවන ලද දේපළවලට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් දෙන ලෙස වගඋත්තරකරුගේ නීතිඥයෝ මෝසමක් ගොනු කරමින් ඊයේ (24දා) අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු…

පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ සභාපති – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පත් කර ඇත. එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරිය මෙණෙවියගේ නම යෝජනා කරන බව සභානාය‍ක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 2025 වසර සඳහා…