Category Local News

පාස්පෝට් තදබදය මඬින්න පැය 24ම වැඩ

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීමේ අරමුණෙන් දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ගැනීමට…

කෝටියකට වැඩි කුෂ් එක්ක ඉන්දියානුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ටොෆි සහ චොකලට් පැකට් ලෙස සකස් කර සිය ගමන් මලුවල සූක්ෂ්ම ලෙස සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවයෑමට තැත් කළ විදේශික ගුවන් මගියකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (04) සවස අත් අඩංගුවට…

රනිල්ගේ කාලයේ පොල්තෙල් සමාගම් 4ක් බිලියන 5.8ක බදු පොලු තියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලය තුළ මෙරටට පොල්තෙල් ගෙන්වන සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇති බවත් සමාගම් හතරක් රුපියල් බිලියන 5.8ක බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්…

සුජීව සේනසිංහට මිලියන 250ක් ගෙවන්න හිටපු මන්ත්‍රී සී.බී.ට නියෝග

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 250ක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතාට ඊයේ (05) නියෝග කළාය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි…

බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්-ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහාය

උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටසේ නිරන්තරයෙන් ඇතිවන නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ…

මණ්ඩලය වී මිල නියම කරයි

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ඊයේ (05) මිල ගණන් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ප්‍රමිතිගත (වේළන ලද) නාඩු (සුදු/රතු) වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක මිලක් ද, කීරි…

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පර්මිට් නෑ-ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන…

අද වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර…

NGO සල්ලි වියදම් කළ හැටි හොයන්න-පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවල දී අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනයෙන්…

රට පුරා රිළා සංගණනයක්- පොල් සංවර්ධන මණ්ඩලයෙන් පියවර

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිත අතර එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ අරමුණෙන් මේ සංගණනය සිදු කරන…