Category Local News

විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියට විශ්‍රාමික පුහුණු නිලධාරීන්

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…

දුම්රියක් අතරමග දමා පලාගිය රියැදුරුගේ සේවය අත්හිටුවයි

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා පලාගිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇත. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා ඒ බව තහවුරු කළේය. එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති…

පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට

මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත.

කතරගම කපු මහත්වරුන්ට රු. කෝටි 60ක ආදායමක්

කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව සිළුමිණට වාර්තා වේ. කපු මහත්වරුන් 10 දෙනකු කතරගම තේවාව භාරව කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු මහතකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක්…

මවකට සහ දියණියකට තියුණු ආයුධ ප්‍රහාරයක්

පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (7) දවහල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බිරිඳ මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 50ක්…

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්

 ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ  අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ  ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු…

අදත් වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. අද දින සිට ඉදිරි දින කිහිපයේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වලත් ගාල්ල සහ…

ජනපති හා ජපානයේ නිපොන් පදනමේ සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට…

වතුකරයේ පාසල් 35ක් ආපදා අවදානමක

වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වී තිබෙනවා මලෛයග තමිළර් ප්‍රජාව සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඉදිරියේදී එම පාසල් සඳහා විසඳුම් ලබා දීමට කඩිනම් පියවර…

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. ඉන්දීය තානාපතිතුමා සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් ආනන්ද් මුකුන්දන්…