Category Local News

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා මෙම ණය මුදල අනුමත කර ඇති බව සඳහන් වේ. සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම…

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු බදුල්ල ‍පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ පසුගිය දා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතුරදී…

ස්වාභාවික ද්‍රව වායු ද්විත්ව ඉන්ධන RORO නැව හම්බන්තොට වරායට

‘ග්ලොවිස් සෙලීන්’ LNG (ස්වාභාවික ද්‍රව වායු) ද්විත්ව ඉන්ධන RORO නෞකාව සිය මංගල යාත්‍රාව සිදු කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සේන්දු වී තිබේ. මෝටර් රථ ඒකක (CEU) 627ක් වරායේ ගොඩබා, තවත් CEU 934ක් පර්සියානු බොක්ක වෙත රැගෙන යාම සඳහා එම…

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නඟාසිටුවීම පොරොන්දුවලට පමණක් සීමා වෙලා-ගලේවෙල ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ වෛද්‍ය සභාවේ දේශීය ආයුර්වේද වෛද්‍ය ආර්. ඇම්. රත්නායක

වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය මේ වන විට සම්පූර්ණයෙන්ම පිරිහෙමින් පවතින බවත්, එය නැවතත් නඟාසිටුවීමට බලයට පත්වූ සෑම රජයක්ම ප්‍රතිඥා දුන් නමුත් එය වචනයට පමණක් සීමා වීම නිසා දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිරිහී යෑමට පටන්ගෙන ඇති බවත්…

රුහුණේ උපකුලපති ඉවත් කරන්නැයි දැවැන්ත වර්ජනයක්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා තනතුරින් වහා ඉවත් කරන්නැයි ඉල්ලමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සේවකයන් සහ සිසුන් එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ඊයේ (19) සිට ආරම්භ කර තිබේ. එම වර්ජනය හේතුවෙන් විද්‍යා, මානව හා ශාස්ත්‍ර, කළමනාකරණ, ඉංජිනේරු ඇතුළු පීඨ…

අවුරුදු 5ට පාසල් 96ක් වැසේ

රජයේ පාසල් සම්බන්ධයෙන් 2023 වසරට අදාළව මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය තුළ ගුරුවරුන් ද 8803 දෙනකු අඩු…

හිටපු ජනපතිගේ ජන්ම දිනයට කිරි අම්මාවරුන්ගේ දානයක්

නොවැම්බර් 18 වැනිදාට යෙදුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් විජේරාම නිල නිවෙසේදී එදින පෙරවරුවේ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම…

රවිගේ නිවෙසට පොලිස් ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසට පොලිස් ආරක්ෂාවක් ඊයේ (19) ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි. මෙවර මහමැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු…

පස්සර 13 කණුවේ මාර්ග අවහිරය තවදුරටත්

පස්සර – බිබිල, මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයට කඩා වැටී ඇති ගල් පර්වත, පස් කඳු තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති හෙයින් එම මාර්ගය රථවාහන ධාවනයට තව දින කිහිපයක් යන තෙක් විවෘත කිරීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල…

සවස් කාලයේ කාලගුණය වෙනස් වෙයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…