Category Local News

විදුලිබල ඉංජිනේරු සංගමයත් බිඳ වැටීමට හේතු කියයි

ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවට සාපේක්ෂව, අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්, ඊයේ (09) දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය එකවර බිඳ වැටීමට බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති බව ලංකා…

ලෝක රාජ්‍ය සමුළුවට ජනපති අද UAE යයි

“ලෝක රාජ්‍ය සමුළුව – 2025” සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් ෂයිඩ් අල් නායන් මහතාගේ ආරාධනයකට අනුව අද සිට එළඹෙන 13…

දිස්ත්‍රික්ක කිහිපයකට මල්තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ඇතිව තිබෙන සමාජ විරෝධය නැති කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (07)…

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජා සුබසාධනයට නිපොන් පදනම සහය දෙනවා-නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා ජනපති හමුවේ පොරොන්දු වෙයි

මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟාසිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන බව නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය. එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති…

මෝල් හිමියාට අතිරේක ලාභයක් ගෙන දෙන වී සහතික මිල

වත්මන් ආණ්ඩුව විසින් වී කිලෝවක් සඳහා රුපියල් 115ක සහතික මිලක් නියම කළ හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. ගොවියාට අසාධාරණයක් නොවන පරිදි වී කිලෝවක නිෂ්පාදන වියදම ගණනය කර එයට 30%ක් එකතු කර වී සඳහා…

මහවැලි පුනරුදයෙන් ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය අරඹයි

මහවැලි ජනපද ප්‍රදේශවල වෙසෙන තරුණ තරුණියන්ට ඩොලර් උත්පාදන ආර්ථිකයක් ලබාදීම අරමුණු කර ගනිමින් සංචාරකයන්ගේ නවමු අත්දැකීමක් වන ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය (Homestay) මහවැලි ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම මහවැලි පුනරුද සතිය දෙවන අදියර යටතේ ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති හා…

පන්සල්තැන්න කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි

මාතලේ බලකඩුව පන්සල්තැන්න කන්දෙහි පෙරේදා (08) වැනි දින හටගත් ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හටගත් මේ ගින්න කන්දේ විශාල ප්‍රදේශයක්…

අපහාස නඩුවෙන් ලැබුණු වන්දි මුදල පොදු වැඩට දෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

තමාගේ නමට හානි වන ආකාරයේ දෙයක් යම් ආයතනයක් හෝ පුද්ගලයකු කළහොත් ඒ වෙනුවෙන් තමන් අනිවාර්යයෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා(07)පැවැතියේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා…

දරුවට ඉගෙන ගන්න පාසලක් නැතිව මවුපියෝ විරෝධතවක

තම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පළමු වසර සඳහා පාසලක් නැතැයි, මවක හා පියකු එම දරුවා රැගෙන කොත්මලේ අධ්‍යාපන කාර්යාලය අසල විරෝධතාවක නිරත වූහ. මෙසේ විරෝධතාවයේ නිරත වූයේ කොත්මලේ, කුඹල්ඔලුව, කිරිඳ‍ි‍වල ප්‍රදේශයේ පදිංචි සමීර නලින් විජේසිංහ (පියා) හා ඉන්දීවරී උදයංගනී තිලකරත්න…