Category Local News

විද්‍යා හා තාක්ෂණ ඇමැති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ හමුවක් පැවැත්විණ. මෙම හමුව පෙරේදා…

මේ වසරේ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නෑ-කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

මේ වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11) ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි කර්මාන්ත 38ක් ස්ථාපිතව…

අදත් වැස්ස නැහැ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී. බස්නාහිර පළාතේත්…

විදුලි කප්පාදුව අදත් – කාලසටහන නිකුත්‌ වෙයි

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ…

මහ බැංකුවේ රැකියා නෑ – ව්‍යාජ දැන්වීම්වලට රැවටෙන්න එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියා අවස්ථා දෙන බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය හා වෙනත් වෙබ්අඩවිවල පළවන ජනතාව මුළා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම්වලට නොරැවටෙන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම් කරනුයේ සිය නිල ලාංඡනය අවභාවිත…

රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන් 6 දෙනාට මහජනතාවගෙන් ලද නම් 4000ක් අතරින් තෝරාගත් නම් 6ක් ඊයේ (12) තැබිණි. පිරිමි සිංහ පැටවා ‘මේඝා’ ලෙසත්, ගැහැනු සිංහ පැටවුන් පස්දෙනා “ටාරා, අඝ්‍රා, භූමි, අකීරා සහ එල්සා” යනුවෙන් නම් තැබුවේය. මෙම…

බේරේ ඇළ මගී ගමන් පථය පිරිසිදු කිරීම ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ මෙහෙයවීමෙන්

රජයේ Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලේක්හවුස් ගොඩනැඟිල්ලේ බේරේ ඇළ පිහිටි අන්තයේ ඩී.ආර්. විජයවර්ධන මාවත සහ ඕල්කට් මාවත යා කරනු ලබන මගී ගමන් පථය පිරිසිදු කිරීම ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා සිදුකෙරිණි. එදිනෙදා සේවයට වාර්තා කරන පිරිස්, දෙස්…

මිලින්ද මොරගොඩගෙන් හෙට ඉන්දියාවේදී දේශනයක්

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියාවේ බැංගලෝර් හි ස්ථාපිත එම්.එස්. රාමයියා විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ විශේෂ දේශනයක් සඳහා ඇරයුම් ලබා සිටී. ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේදී හෙට (14) පවත්වන මෙම දේශනය…

කොළඹ ගංගාරාම නවම් පෙරහරේදී…

කොළඹ හුනුපිටිය ගංගාරාම නවම් පෙරහර ඊයේ (12) රාත්‍රී සුබ මොහොතින් ආරම්භ කෙරිණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා අතින් සධාතුක කරඬුව තැන්පත් කෙරුණු අතර මේ අවස්ථාවට හිටපු ජනපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සෑම සතියකම පවත්වනු ලබන මහජන දිනය පෙරේදා (11) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. පෙරේදා (11) දිනය පොලිස් නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් වෙන්කර…