Category Local News

කොටහේනේ වෙඩික්කරුවන්ගේ මරණ ගැන පොලිසියෙන් ප්‍රකාශයක්

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් ඊයේ (21) රාත්‍රියේ  අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා  පොලිස් වෙඩි ප්‍රහාරයකින්  ජීවිතක්ෂයට පත්ව ඇත. විමර්ශන සිදු කෙරෙන අතරතුරදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීයි  මෙම අනතුර සිදුව ඇති අතර මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු…

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු ගැන ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමට වැඩමුළුවක්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. ඒ එම කාරක සභාව ඩිජිටල් ආර්ථික…

බස් රථයක් ගිනි ගෙන එක් අයෙක් මරුට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයක් අද (22) අළුයම හදිසියේ ගිනි ගෙන ඇති බව උඩමළුව පොලිසිය සඳහන් කරයි. ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ මෙම ගින්න ඇති වී තිබෙයි. එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසු…

මෙරට ජෛව විධත්වයට දැඩි බලපෑමක් කරන ආක්‍රමණශීලි ශාක හා ජිව විශේෂයන් ගැන දැනුවත් කිරීමක්

තෙත් කලාපීය ජෛවිධත්වයට විශාල හානියක් සිදු කරන ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා (Mimosa Pigra) ශාකය සහ අනෙකුත් ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂයන් මර්ධනය  හා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (21) පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විය. වැඩසටහනේ පළමු…

ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම…

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු 7 දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ…

උද්ධමනයේ පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා…

සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබේ. පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කෙසෙල්බද්දර පද්මේගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකර ඇති බවයි. සංජීව කුමාර සමරරත්න හෙවත්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ ව්‍යාපෘතියෙන් දැවැන්ත පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක්…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

පෙබරවාරි මස 24 වන දින සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. අද දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…