Category Local News

ලෝක උරුම ගාල්ල කොටුවේ සංචාරයක

ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවේ කර්නල් ලාරා ට්‍රෝයි මහතා ඇතුළු ඔස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (24) පෙරවරුවේ ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටුවේ සංචාරයක නිරත වූහ. මෙම දූත පිරිස ඉකුත් 19 වැනිදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත. මෙම දූත පිරිසගේ සංචාරය සඳහා…

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා නෙල්ලිඅඩි පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු මන්ත්‍රීවරයා මෙවරද යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන අතර, ඔහු තවත් ආධාරකරුවන් පිරිසක්…

ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ සැකකරුවෝ 3ක් අත්අඩංගුවට

දේශපාලන වාසිවලට අනවශ්‍ය බියවැද්දීම් එපා දෙස්-විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි– මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කියයි රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ පුද්ගලයන් ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වාගෙන…

වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තියේ දේශන ලබන 30දා

හෙරොයින් ජාවාරම් කිරීම මඟින් වසර 2කකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තියේ දේශන ලබන 30දා පැවැත්වීමට කොළඹ මහාධිකරණය පෙරේදා (23) නියම කළේය. කොළඹ…

ගෙවී ගිය වසර දෙකට HIV ආසාදිතයෝ 700ක්-ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු දෙකට එච්.අයි.වී. ආසාදිතයන් 700ක් අලුතින් හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදී පැවසීය. සැක සහිත පුද්ගලයන් වාර්ෂිකව මිලියන දෙකක් පමණ පරීක්ෂණයට ලක් කරන බව ද ඇය…

ඩයනාට එරෙහි නඩු හතේ සාක්ෂි විමසීම පෙබ. 6 දා

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපතක් ලබාගැනීම හා වලංගු වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින්…

හේමා ප්‍රේමදාසට ලක්ෂ 32ක ඉන්ධන කූපන්පත් නිකුත් කරලා

දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පනස්දහසක (3,250,000) ඉන්ධන කූපන්පත් නිකුත් කර තිබේ. මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කූපන්පත් වටිනාකම…

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න බය වෙන්න එපා

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ– ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බැවින් එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කර තිබේ. ලොව සියලු සංචාරකයන්ට ආරක්ෂාකාරීව මෙරට සුන්දරත්වය…

ජනපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පිරිස ගැන ඉදිරි පියවර ගැනීමට යයි

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් තිදෙනෙක් සහ පක්ෂ 10ක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ඊයේ (24) සිට එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ අතර ආදායම්…

ගැඹුරු මුහුදේදී අනතුරට ලක් වී ගොඩබිමට රැගෙන ආ ධීවරයා කරාපිටිය රෝහලට

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වූ ධීවරයකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී අනතුරකට…