Category Local News

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රථ වාහන ගමනාගමනයට බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙයි මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙන බවයි වාර්තා වෙයි. අනතුර නිසා මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමට පොලීසිය පියවර…

උඩින් ඔළු කොච්චර එකතු වුණත්, ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය එක්ක – අනුර

ඉහළින් කෙතරම් ඔළු ගෙඩි එකතු වුවද ජනතාව සිටින්නේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. අත්හදා බැලීම් කෙසේ වෙතත්, වෙනසක් සිදුකළ යුතු කාලය එළඹී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ජනාධිපති…

පක්ෂයේ ස්ථාවරය නියම වෙලාවට ප්‍රකාශ කරනවා -එම්. ඒ. සුමන්තිරන්

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ ස්ථාවරය නියම වේලාවට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. තවද පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම තම පක්ෂයේ ස්ථාවරය මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ…

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සඳහා රජයෙන් සහනයක්

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා රජය විසින් නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත් අවශ්‍යකරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබාදීමට රජය තීන්දු කොට ඇති බව සඳහන්.…

අසත්‍ය ප්‍රචාරයක් ගැන සජබයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා. සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

තවත් ප්‍රබලයෙකුගේ සහාය රනිල්ට

මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටි බව සඳහන්. මෙම හමුවේදී කථානායකවරයා තානාපතිවරයාගෙන් පලස්තීනයේ වත්මන්…

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී…

බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්

බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසිනුයි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින්…

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කෙරේ

ශ්‍රී ලංකා මහබැංකුව 2024 වසර සඳහා වන දෙවෙනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර තිබෙයි. මෙහි අන්තර්ගතය පදනම් වී තිබෙන්නේ පසුගිය ජුලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සැලකිල්ලට ගත් තොරතුරු මත පදනම්වයි. අඩු උද්දමන…