Category Local News

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දමයි

එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්.

මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි

සෑමවිටම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දෙනවා – ජනපති. අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නැහැ. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද එළැඹීමට සූදානම් – ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ ගැටලුවට මහ පාරේ විසඳුම් නැහැ. එය සාකච්ඡා කර ක්‍රමිකව විසඳාගත යුතුයි – දුමින්ද…

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුවා

නාවික බහාලුම් ප්‍රවාහනය කිරීම 32%කින් ඉහළට – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට – ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 1917 රුසියානු විප්ලවයේ දී ලෙනින් කොමියුනිට්ස්වාදය පිළිබඳ කතා කළේ නැහැ. මෙම ව්‍යාපෘතියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා…

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

මාර්තු 15ට පෙර අයදුම් කරන්න. අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි. පළමු අදියරේ සුදුසුකම් නොලැබූවන්ට තොරතුරු නැවත සනාථ කිරීමට අවස්ථාවක් ළඟදීම. අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම්…

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම…

හිතට දැනෙන අපූරු කතාවකින් ‌දිගහැරෙන මින්නු 24 දා සිට තිරගතවේ.

ඉහළ මධ්‍යම පන්තියේ බැතිමත් කතෝලික පවුලක එකම සුරතලිය වූ අවුරුදු 8ක් වයසැති “මින්නු” ට තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවා දමන්නට සිදුවන්නේ ඇගේ සොඳුරු ශරීරය ආක්‍රමණය කර ඇති ලියුකේමියා රෝගී තත්වය සමගිනි. අපූරු ගත පැවතුම් ඇති සේම දැඩි අධිෂ්ඨානයකින්…

මෝදර ‘ගු ඩ්ෆුඩ්’ කළමනාකරුට වෙඩි තබා පලා ගිය රථය ජා-ඇළ කැලයක

කොළඹ මෝදර පිහිටි අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයකුට පෙරේදා (13) රාත්‍රී කාලයේ අවන්හල ඉදිරිපිටදී වෙඩි තබා පලා ගිය පිරිස ගමන් කළ සුදු පැහැති මෝටර් රථය ජා-ඇළ ඔතේ කැලේ වෙල්යායක් අසල අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. මෝදර වීදියේ පිහිටි ගුඩ්ෆුඩ් රෙස්ටුරන්ට් නමැති…

සිංහල අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරනවා – ඇමැති මහින්ද අමරවීර

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර අපේ රටේ සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර මහජනතාවට…

මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට පෙති විකිණූ පේරාදෙණි දොස්තර රිමාන්ඩ්

මත්කුඩුලෝලීන් සහ පාසල් සිසුන් මත් වීමට මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් ඇත්ගාල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (13) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට…