Category Local News

2024 LPL තරගාවලිය ජුලි මාසයේ පැවැත්වෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළෙඹෙන ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව එම තරගාවලිය ජුලි 1 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙවර ද කණ්ඩායම් 5…

ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක් – ඩිලාන් පෙරේරා

ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන යෝජනාව “බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ අනුව මෙහි අරමුණ වන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව, රනිල් වික්‍රමසිංහට ජනතා ඡන්දයෙන්…

ඉර හඳ වගේ විශ්වාසයි වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් පරාජය වෙනවා – නාලක ගොඩහේවා

ඉදිරි මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වන බව ඉර හඳ මෙන් විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නේ විපක්ෂයේ සිටින සමඟි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය යන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් බවයි මාධ්‍ය වෙත…

අධිකරණයෙන් නියෝගයක් අනුව පොලිස් නිලධාරින් තිදෙනෙක් පුරවැසියෙක් ඉදිරියේ දණින් වැටී සමාව ගනී

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙක් හට අගතියට පත් පුද්ගලයෙක් ඉදිරියේ දණ නමා සමාව අයැද සිටින ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. 2017 වසරේ දිනයක අදාළ පුද්ගලයා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී, මාර්ගයේ සේවය කළ…

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

(17) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන…

විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමේ හොඳම වෙලාව බලය ගිලිහෙන්න කිට්ටුව කරගන්න එක – මහින්ද අමරවීර

විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම සඳහා කවුරුන් කුමන මොහොතේ යෝජනාව ගෙනාවද, ඒ සඳහා සිය සහයෝගය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විධායක ජනාධිපති ක්‍රමය හරහා රටට යහපතක් සිදු නොවූ බවත්, සිදුව…

පොහොට්ටුවේ ඡන්ද ලක්ෂ 15 කින් පමණ අඩුවෙලා – රංජිත් මද්දුමබණ්ඩාර

සමගි ජන බලවේගය සිදුකළ සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ලක්ෂ 15 කින් පමණ අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. එහි මන්ත්‍රීවරුන්ට පසුගිය කාලයේ ගමට ඒමට හැකියාවක් නොතිබූ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කඩා…

අත්අඩංගුවට ගත් පියුමා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන (15) මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැක කෙරෙන පියුමා නැමැත්තාව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව…

ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවී තිබෙනවා. හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ සිරකරගෙන තිබෙනවා. ඒ අනුව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහු මෙලෙස සිරකරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.