Category Local News

මෛත්‍රී රුපියල් මිලියන 100 ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු…

IMF ගිවිසුම් පිළිබඳ ජනපති අපේක්ෂකයන් කියන කතා ගැන IMF අවධානයෙන්

ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ…

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ජනපති පහදයි

රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප සියයට 24කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව…

මැයි 12 වැනිදා අනුරගෙන් ලියුමක් ගෝඨාභයට ලැබුණේ නෑ -හැකි නම් ඔප්පු කරන්න

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය…

රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත නාමල්ගෙන් ඉවත් වී රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා තම තීරණය වෙනස් කර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…

නාමල්ගේ මංගල රැලිය අද අනුරපුරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත්වේ. අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම ජන රැලිය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන අතර ශ්‍රී ලංකා…

මහනුවර පෙරහර අවසන් කිරීමේ සංදේශය ජනපතිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී…

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි -සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට…

මුදල් ආරවුලකට නැන්දණිය මැරූ නරුම බෑනා

ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදු කරගෙන ඇති…