Category Local News

ඌරු මස් විකිණුවොත් PHIට කියන්න-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

සූකර උණ හේතුකොටගෙන මේ වන විට ඌරු මස් අලෙවිය තහනම් කර ඇති බැවින් කිසියම් ස්ථානයක මේ දිනවල ඌරු මස් අලෙවි කරන්නේ නම් ඒ බව වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්…

හිටපු ඇමැති නිල නිවාස භාරදීමේ කාලය අදින් අවසන්

12ක් තවම දීලා නෑ හිටපු අමාත්‍යවරුන්ට රජයේ නිල නිවාස නැවත භාර දීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වෙයි. නමුත් හිටපු අමාත්‍යවරුන් 12 දෙනකු මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නැත. භාර දීමට නියමිතව තිබෙන මෙම නිවාස පිළිබඳ මූලික පරීක්ෂණ මේ…

හැටන් ගිය මෝටර් රථය අඩි 20ක ප්‍රපාතයකට

කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයක පිහිටි තේ වත්තට පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසයි. මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (29) අලුයම 2.00ට පමණ…

ස්වාධිපත්‍ය යේ බලය තෝරන පාර්ලිමේන්තුව…

ලොව සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකම නියමිත කාල වකවානුවක් තුළ මැතිවරණ පැවැත්වීම මඟින් ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ඡන්දය භාවිත කිරීමයි. එය ස්වාධීනව හා නිදහස්ව පැවැත්වීම තුළින් රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහිකර ගත හැකිය.…

‘සයිබර් හීරෝ’ ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට කාන්තා නිර්මාණ කණ්ඩායමට අමෙරිකා සහාය

ඩිජිටල් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන Òසයිබර් හීරෝÓ ජංගම යෙදුම (Cyber Hero mobile app) ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන් මුල්කොට ගත් නිර්මාණ කණ්ඩායමට සහාය දැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව – ආරක්‍ෂිත අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාලයේ වගකීම්සහගත හැසිරීම…

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා…

කොළඹ වාණිජ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවැත්විණි. කොළඹ වාණිජ නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය…

අපිත් ආසයි අනුර ජනාධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න – ඇමති විජිත

නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. නව රජය විදේශ රටවලින් හෝ ආයතන වලින් මුදල් ණයට ගෙන හෝ මුද්‍රණය කර හෝ නැති බවත් හෙතෙම අවධාරණය කළේය. නව රජයෙන්…

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්

රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ආරවුල්…

ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව සඳහා අනුමැතිය

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ…