Category Local News

ආර්ථික සංවර්ධනය ආසියාවේ ඉහළම තැනකට ගෙනිච්ච නායකයාගේ දර්ශනය වැරදියි කියන්න අපි ඉඩ දෙනවාද? – සාගර කාරියවසම්

රටට වරායවල්, ගුවන් තොටුපළවල් නිර්මාණය කළ, මහින්දෝදය විද්‍යාගාර සාදා දරුවන්ගේ අනාගත නිර්මාණය කළ, ආර්ථික සංවර්ධනය ආසියාවේ ඉහළම තැනකට ගෙනගිය නායකයා වැරදිකාරයෙක් කිරීමට හෝ එතුමන්ගේ දර්ශනය වැරදි යැයි කීමට ඉඩ ලබාදිය යුතුද යන්න ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හොඳ දෙයක්, එය කළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවයි – රවී කරුණානායක

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඉතාමත් හොඳ කටයුත්තක් බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසනවා. නමුත් එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ. එසේ නොමැති වුවහොත් මෙය මැතිවරණය කල් දැමීම යන…

තැන්පතු මුදල් වෙනුවෙන් පොලිය ගෙවීමට විදුලිබල මණ්ඩලය එකඟ වෙයි

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම්දී තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම්…

ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්වෙනවා – PMD

නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. එමෙන්ම වත්මන් කාලරාමුවට අනුව මහ මැතිවරණය ලබ​න වසරේදී පැවැත්වෙනු ඇති බවද, 2025 වර්ෂයේ අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ්‍ය දැනුම් දෙනවා. මැතිවරණ පැවැත්වීමේ…

Online Safety පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Online Safety පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව මේ වන විට එම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතිනවා. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර…

ගම්පහ බියගම ප්‍රදේශයට ජාතික රෝහලක් සහ ළමා රෝහලක්

රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ  ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සහ  ළමා රෝහලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත්, ඒ හේතුවෙන්…

AI පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන  නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබෙනවා. කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට…

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පොලිස් මුරපොළේ සිටි නිලධාරීන්ට ස්ථාන මාරු

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සිදුවූ මුදල් කොල්ලකෑම හා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව…

දිනකට පුද්ගලයන් 400 ක් පමණ බන්ධනාගාරගත වෙනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

දෛනිකව බන්ධනාගාරගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා. ඒ අනුව, දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත වන බවත්, මේ වනවිට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30,000 ක් ඉක්මවන බවත් ඔහු සඳහන් කරනවා. පවතින…

NMRA අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු අද (13) දින සිට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලිපියක් මඟින් එය දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ…