Category Local News

හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන යිට ඒ මහතාගේ වයස අවුරුදු 76කි. රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ. ඒ මහතා ප්‍රථමයෙන්…

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා – හරිනි

දේශපාලන හේතු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් පැහැරහැ​ර, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන…

වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා ඒ ඊයේ (23) වරකාපොල පැවැති ජන රැලියේදී එම පිරිස විපක්ෂ නායකවරයාට සහය…

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අති පුරාණ ශ්‍රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (24) රාත්‍රීයේ සීමා කරන බව පොලිසිය පවසනවා ඊට අදාළ නිවේදනය පහතින්

බෙදෙනවා වෙනුවට එකතුවෙමු -සජිත්ගෙන් ඇරයුමක්

එකිනෙකා බෙදා වෙන් නොකොට එකමුතුව, සංහිඳියාව සහෝදරත්වය සහ මිත්‍රශීලීත්වය තුළ රටක් ලෙස සැමට ජයග්‍රහණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. පසුගිය සමයේ ක්‍රියා කළ රජයන් ආගම, ජාතිය, භාෂාව සහ කුලය මූලික කරගනිමින් මේ රට ජන…

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ – අනුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන…

2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දමනවා – සජිත්

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු…

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරගැනීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වැනිදා ඒවා රට පුරා බෙදාහැරීමට සූදානම් කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා සඳහන් කළේ 22000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය ඒ සඳහා සූදානමින් සිටින බවයි.…

ආර්ථික අර්බුදය හමුවේ දුක් විඳි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වරදක් නම් එම වරද පිළිගැනීමට සුදානම් -ජනපති රනිල්

අද තමාට එල්ල වී ඇති චෝදනාව අසීරු අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ජීවත්වීමේ අයිතිය සුරැකීම බව පැවසු ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා එය වරදක් නම් එම වරද පිළිගැනීමට තමා සුදානම් බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අම්පාර පොතුවිල්…