Category Local News

විත්තිකරුවන් 9කට පෙනී සිටින රජයේ නීතිඥයා නඩුවෙන් ඉවත් වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්තිකරුවන් නවදෙනකු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥවරයා පෞද්ගලික හේතුවක් මත තවදුරටත් පෙනී නොසිටින බව ඊයේ (05) අධිකරණයට දන්වන ලදී. මෙලෙස නව නීතිඥවරු පත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ පාස්කු නඩුවේ…

දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි අතරමැදි පාර්ශ්වයකින් පෙත්සමක්

පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පාර්ශ්වයක් පෙත්සමක් ගොනුකර ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි…

ඔබේ ජන්දය අවලංගු වන හේතු

අපේ රටේ මැතිවරණ පුරාණය අවුරුදු අනූවද ඉක්මවයි. පළමු සර්ව ජන ඡන්දය පැවැතුනේ 1931 වර්ෂයේදීය. එතැන් සිට අද දක්වා මැතිවරණ ක්‍රමය විවිධ වෙනස්කම්වලට ලක්ව තිබේ. මුලින්ම පක්ෂ හෝ ඡන්ද සලකුණු නොතිබිණි. තිබුණේ එක් එක් අපේක්ෂකයන්ට අදාළ වන වර්ණය. අදාළ වර්ණය ඇති…

තැපැල් ඡන්දයේ තෙවන දිනය අදයි

‍ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවන දිනටත් අද (06) සිදු කෙරෙනවා ඒ අනුව අද (06) දිනය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා එමෙන්ම පෙරේදා (04) දිනයේ ඡන්දය…

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිචර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

හිටපු මන්ත්‍රී උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන තිබෙයි ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය…

මෙවර මම මධ්‍යස්ථයි – සහාය කාටවත් නෑ -හිටපු ජනපතිනී චන්ද්‍රිකා

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් කිසිඳු පක්ෂයකට හෝ නායකයෙකුට සහාය නොදක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිනිනිය සඳහන් කර සිටින්නේ තමන් මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට තීරණය ඇති බවයි. තවද විවිධ වූ අපේක්ෂකයින් හට තමා…

මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ…

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවා තිබෙනවා ඒ අනුව සබැදිය හරහා ඊයේ (04) සිටලබන 23 වැනිදා දක්වා අයඳුම්පත් කැඳවීම සිදුකරනු ලබන බව සඳහන් ඊට අදාළ නිවේදනය පහතින්