Category Local News

ගත වූ මාස තුනට වාහන 5000ක් ලීසිං සමා­ගම් බලෙන් අත්පත් කරගෙන-මගෙන් රටට සංවි­ධා­නය

ගත වූ මාස තුනක කාලයේ රථ­වා­හන පන්දා­හක් බල­හ­ත්කා­ර­යෙන් ලීසිං සමා­ගම් විසින් අත්පත් කර­ගෙන ඇතැයි “මගෙන් රටට සංවි­ධා­නයÓ අනා­ව­ර­ණය කරයි. මෙලෙස ඉතා අසා­ධා­රණ ලෙස ලීසිං සමා­ගම් විසින් රථ­වා­හන බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ඔවුන් රජ­යෙන් ඉල්ලී­මක්…

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ප්‍රධානී ආර­ක්‍ෂක ලේකම් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහ­ත්මිය පෙරේදා (29) ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර, කෝට්ටේ ආර­ක්‍ෂක මූල­ස්ථාන සංකී­ර්ණයේ පිහිටි ආර­ක්‍ෂක අමා­ත්‍යං­ශ­යේදී ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා හමු වූ අතර අන­තු­රුව දෙපා­ර්ශ්වයේ නිල­ධා­රීන්…

සිරිපා වන්දනා සමය දෙසැ­ම්බර් 14 වැනි දින උඳු­වප් පෝයෙන් ඇරඹේ

2024/2025 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැ­ම්බර් මස 14 වැනි දිනට යෙදෙන උඳු­වප් පුර පස­ළො­ස්වක පොහෝ දින­යෙන් ආරම්භ කර 2025 මැයි මස යෙදෙන වෙසක් පුර පස­ළො­ස්වක පොහෝ දිනට පසු දිනෙන් නිමා­වී­මට නිය­මිත බව ගෞතම ශ්‍රී පාද­ස්ථා­නා­ධි­පති, ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ…

දීපා­වලි දින පණිවිඩ

නව චින්තන පෙර­ළි­ය­කට දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු – ජන­පති ප්‍රඥාවේ දීපා­ව­ලිය දල්ව­මින් ශ්‍රී ලාංකි­ක­යන් ලෙස නව චින්තන පෙර­ළි­යක් සඳහා වූ මඟ­කට පිවි­සී­මට මෙවර දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු’ යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දීපා­වලි සුබ­පැ­තුම් පණි­වි­ඩ­යක් නිකුත්…

ඌව පළාත් සභාවේ හිටපු ඇමැති දයා­රත්න බණ්ඩා­රගේ අව­සන් කට­යුතු අද

ඌව පළාත් සභාවේ දීර්ඝ කාල­යක් මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ලෙස සේවය කළ මොන­රා­ගල ඩබ්ලිව්.එම්. දයා­රත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභා­ව­ප්‍රාප්ත විය. මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස දේශ­පා­ල­න­යට පිවිසි ඒ මහතා…

ඇප ලැබුණු ජොන්ස්ටන්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා. මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්…

සබරගමුව පළාතේ දෙමළ පාසල්වලටත් නිවාඩු

දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) දිනයේ සබරගමුව පළාතට අයත් දෙමළ පාසල් සඳහා ද නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කලේ එම නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් 09 වන දින පාසල් පැවැත්වෙන බවයි.…

කොළඹ උද්ධමනයේ සැළකිය යුතු වෙනසක්

2024 සැප්තැම්බර් මාසයේ -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී තිබේ. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක්…

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය ඇරඹෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන…

මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට අනිද්දා නිවාඩුයි

දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දී ඇත. ඒ වෙනුවට ලබන මස 09 වැනිදා සෙනසුරාදා පාසල්…