අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.
රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දැනුම් දී තිබේ. ඒ අනූව ප්‍රධාන දුම්රිය මාර්ගයෙ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (26) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මටත් අගමැතිතුමාටත්, හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මැතිතුමාටත්, හිටපු ඇමැති මලික් සමරවික්‍රම මැතිතුමාටත් වයස අවුරුදු දොළහ, දහතුන, දාහතරේ දී අභියෝගවලින් පැන නොයන ලෙස ඉගැන්වූ බී. සිවලිංගම් වැනි ගුරුවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉගැන්නුවේ නැති නිසා ඔහු අභියෝග බාර නොගෙන පලා…
මාතෘ භූමියේ වගකීම භාරගන්න බැරි අපේක්ෂකයන් සහ මාතෘ භූමියේ අභියෝග භාරගත හැකි අපේක්ෂකයෙක් අතර සටනක් මෙවර ජනාධිපතිවරණයේදී නිර්මාණය වී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කැලණිය, අංගොඩ සහ මහරගම ප්‍රදේශවල පෙරේදා (24) පැවති ජනහමු කිහිපයකට එක්…
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් තිබේ. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීන් හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ පිහිටි…
හොරු අල්ලන්න ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදරවරු රටට කළේ කුමක්දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විමසයි. ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදරවරු කුමක්ද කරේ යැයි විමසා සිටි ඒ මහතා “මෙතෙක් කිසි දෙයක් නොකළ බවත් ෆයිල් උසස්ගෙන එනවා ඇවිත් පැමිණිල්ලක් දෙනවා…
සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවැසීය. තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු…
පාසල් දරුවන් 35,000ක පමණ පිරිසකට පසුගිය වසර දෙකේ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුලුන ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. ජනාධිපති මාධ්‍ය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම ආසනයේ සංවිධායකවරයා ලෙස බී.ඒ. නිමල් බමුණුආරච්චි මහතා පත්කර තිබේ. ඊට අදාළ පත්වීම ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බමුණුආරච්චි මහතා වෙත පිරිනමන ලදි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…