Category Local News

SL vs AFG 1st ODI : ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර…

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා. ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස…

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය නැවතත් හර්ෂට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

අඩු බර පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පවරයි

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. පාන් සඳහා බර සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා…

එළඹෙන සතිය ආරම්භයේ ඉන්දීය බිත්තර සතොසට

මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට…

විදුලිබල මණ්ඩල​ය සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබයි

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාණ්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම, රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර සිදුකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය…

ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ඔහු අතිශය රසික ජනාදරයට පත්වූ සිතුවම් නිර්මාණ ශිල්පියෙකි. දශක හයකට අධික කාලයක් ප්‍රමුඛ පෙළේ චිත්‍ර කථා නිර්මාණ ශිල්පියෙකු හා ගත්කතුවරයෙකුද වූ…

කිරි මණ්ඩලයේ ගොවිපොළ නිරීක්ෂණය​ට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් මෙරටට පැමිණේ

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිත පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ අතර එයට අනුව…

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) සවස 5.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන්…

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්

9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (09) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. එය කල් තැබීමේ යෝජනා විවාදයක් ලෙස පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට ආරම්භ වුණා.