Category Local News

පිරිසිදු කිරීමේ සේවිකාවක් කළ හොර වැඩේ ගුවන් තොටුපලේ දී මාට්ටු

රුපියල් මිලියන 58ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 02යි ග්‍රෑම් 750ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කි‍රීමට උත්සාහ කළ කාන්තාවක් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපොළ පිරිසිදු කටයුතුවල නියුතු පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන වයස අවුරුදු 55ක කාන්තාවක් මෙසේ අද(10)…

යුක්තියට 663 ක් කොටු වෙයි

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බව පොලිසිය පවසයි ඔවුන්…

ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා…

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු

ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීමට පුළුල් සැලැස්මක් අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුයි. වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයි – 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු…

ජනපති සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් (09) පෙරවරුවේ සිදු විය. ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගත් ඕස්ට්‍රේලියානු…

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපතිගෙන් ඇරයුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් (09) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ…

යාත්‍රාවලට ඉන්ධන සැපයීම යළි ඇරඹීමෙන් ඩොලර් මිලියන 03ක ආදයමක් උපයා ගත්තා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය. බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක…

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10…

තක්සේරුවට අඩුවෙන් විසුම්පාය කාටවත් දෙන්නේ නෑ

රජයේ තක්සේරු මුදලට අඩුවෙන් ‘විසුම්පාය’ ගොඩනැඟිල්ල කිසි විටෙකත් ආයෝජකයන්ට නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. රුපියල් බිලියන 8ක් වටිනා ‘විසුම්පාය’ රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4කට ආයෝජකයකුට…

ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක්

වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩාමාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගණන් බලා ඇත. ශ්‍රී ලංකා භූමියේ…