Category Local News

අම්පාර ඩිපෝවේ වංචා දූෂණ ගැන කඩිනම් පූර්ණ පරීක්ෂණයක්

– පිළිසකර කරන බස් රියේ අංක තහඩුව ධාවන තත්ත්වයේ බසයකට සවි කර කොළඹ එවලා – ඩිපෝ ඉංජිනේරු සේවයෙන් ඉවතට – අනෙක් හවුල්කරුවන් ගැනත් සොයයි – කොළඹින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අම්පාරට ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ පිළිසකර කර යළි ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාළව…

රතු මුහුදේ අර්බුධය නිසා මෙරටට පැමිණෙන නෞකා ප්‍රමාණය 32% කින් ඉහළට

රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය 32% කින් පමණ ඉහළ ගොස් ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඊට සාපේක්ෂව මෙරට ආදායම ද ඉහළ ගොස් ඇති අතර, එය ධනාත්මක සාධකයක්…

කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව නීතීඥවරු අධිකරණයට දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දී තිබෙනවා. හිටපු අමාත්‍යවරයා බන්ධනාගර ගත කිරීමෙන් පසු රුධිර පීඩනය විචලනය වී, උදරයේ බඩවැල් ව්‍යාකූල වී, වකුගඩු රෝගී තත්ත්වයක් හා දියවැඩියාවෙන්ද පෙළෙන…

මැතිවරණ නිලධාරින් හා දේශපාලන පක්ෂ අතර 21 වනදා සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ. ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස…

ගතවු පැය 24 දී සැකකරුවන් 708ක් දැලේ

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 708 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශ සදහන් කරයි. දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 551 ක් සහ අපරාධ අංශ වෙත යොමු…

දකුණු දිග ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඊශ්‍රාලය යටතට

දකුණු දිග ගාසා තීරයේ පිහිටි නසාර් නැමැති ප්‍රධාන රෝහල ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කර ගෙන තිබේ. ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, ඔවුන් මෙම අත්පත් කර ගැනීම සිදු කිරීමේ දී ත්‍රස්තයින් රැසක් එහි සිට ඇති බවයි. එසේම රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට…

දැයේ දූ දරුවන්ට විශේෂ වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය පාඨමාලාවක් ඇරැඹේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දැනුමැති ප්‍රායෝගික පුහුණුව සහිත විශිෂ්ට ජනමාධ්‍යවේදින් බිහි කිරීම අරමුණු කර ගනිමින් lanka media house ආයතනයේ මූලිකත්වයෙන් වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාවක් හා ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. වයස 18 ඉක්මවූ ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය…

නඩු ප්‍රමාදය වැළැක්වීමට සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කරීමට පියවර

ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් අතර ඉතාමත් සාර්ථක ක්‍රමවේදය වන සමථ මණ්ඩල ක්‍රමය…

ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා…

රටින් පළාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන්…