Category Local News

වගා හානි වන සතුන් ජාතික සංගණනය හෙට

කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය හෙට 15දා (සෙනසුරාදා) උදේ 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ සැලසුම් කර ඇති මෙම සංගණනයේදී මහජනතාව…

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු වේ නම්, ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා…

නායයෑමක් නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී…

රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පත්කරයි-සුගත් වසන්ත ද සිල්වා

දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරී පත්විය. ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂය ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව…

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති මැදින් පුර පසළොස්වක පොහොය අදට (13) යෙදී තිබෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසටයි මැදින් පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය…

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කඩිනම් පියවර අවශ්‍යයි – ජනාධිපති ලේකම්

අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල…

අනුරාධපුර රෝහලේ වර්ජනය අවසන්

වෛද්‍යවරියක අතවරයට  ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත. මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ…