Category Local News

පාසල් උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කරන නීතියක් නෑ-අගමැතිනි හරිනි අමරසූරිය

පාසල් උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වීම වළක්වමින් නීතියක් පනවා නැති බවත්, පාසල් පද්ධතිය තුළ දේශපාලනය පාවිච්චි කිරීමෙන් වැළකීම‌ට සියලු දෙනාට වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (12) ප්‍රකාශ කළාය. හිටපු කථානායක අශෝක රන්වල මහතා පාසල් ක්‍රීඩා උලෙළකට…

අනුරපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි-ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවකින් පසු පියවර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැත්විණි. පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට…

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ප්‍රකාශ කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව සඳහන්ය.

2024 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. 2025.03.14 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://gapplication.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි ය. 2024 පස්වන ශ්‍රේණි…

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගය හෙට වැසේ

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10:00 සිට අනිද්දා (16) පෙරවරු 06:00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර…

අනුරාධපුර මහරෝහලට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. එම්.යූ. අයි කරුණාරත්න මහතා දැනට දරණ තනතුරට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත්කර ඇති බව වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍යය අනිල් ජාසිංහ…

GIT විභාගය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත  බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම විභාගය එදින පෙ.ව 9 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683ක දී පැවැත්වේ. විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

පුද්ගලයින් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා යොමුකිරීම යළි අරඹයි

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වෙත හිමිවූ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම මේ වන විට යළි ආරම්භ කර ඇත. ඒ අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවූ තරුණයින් 8 දෙනෙකු වෙත…

ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ඉන්දියාවෙන් ෆියුරොසිමයිඩ් එන්නත් කුප්පි තොගයක්

ශ්‍රී ලංකා රජය විසින් කළ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ රෝහල්වල ෆියුරොසිමයිඩ් හිඟයට කඩිනම් පිළියමක් ලෙස එම එන්නත් මි.ග්‍රෑ. 20 2 කුප්පි 50,000ක් තිළිණ කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඊයේ(13)…