Category Local News

ස්ථාන කිහිපයක හෙට දිනයේ දුම්රිය නොනවත්වා ධාවනය වෙයි

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු…

කිසි කෙනෙක් බය වෙන්න එපා සත්‍යවාදී තොරතුරු සමාජ මධ්‍යයෙන් රටට හෙළිකරන්න – සජිත්

සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරීමට බොහෝ දෙනෙක් බිය වී ඇති නමුත්, සත්‍යවාදී තොරතුරු හෙළි කිරීමට කිසිවෙකු බිය නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සත්‍යවාදී තොරතුරු රටට හෙළිදරව් කිරීම නිසා රාජ්‍ය ම්ලේච්ඡත්වයට, හිරිහැර කිරීම්වලට, අත්අඩංගුවට ගැනීම්වලට ලක්වෙන…

මේක රටක් විදියට System Change එකක්, හැරවුම් ලක්ෂයක් – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාළ ඖෂධ 103 තුළදීම සොරකම්, අල්ලස් ගැනීම්, මාෆියාවන් සහ දූෂණ සිදුවන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. කෙසේ නමුත් රටේ ජනතාවගේ වාසනාවට මෙම සොරා සම්පූර්ණ සොරකමක් සිදුකළ සොරෙකු නිසා, මෙම කතාව කියවා ගැනීමට…

ලංකා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් සිද්ධ වෙන්නේ ප්‍රථම වතාවට – වෛද්‍ය චමල් සංජීව

යම් වරදක් සිදුකළ පසු අමාත්‍යංශය වෙනස් වූ පමණින් නීත්‍යානුකූල ගැලවීමක් ලැබෙන්නේ නැති බවට සියලුම දේශපාලනඥයන්ට ​අද පණිවිඩයක් ලැබෙන බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. මෙවැන්නක් ලංකා ඉතිහාසයේ සිදුවන්නේ ප්‍රථම වරට බවත්, 76 වන නිදහස් දිනය හෙට උදා වන්නේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට…

කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පවසනවා. අමාත්‍යවරයාගේ සෞඛ්‍ය හේතූන් මත මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවේදී සිදුවන අන්තර්ජාල අපයෝජන, අකටයුතුකම් එරෙහිව යම් නීතියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට අන්තර්ජාල සම්බන්ධතා මිලියන 14ක් ඇති අතර, බෝහෝ පිරිසක් අන්තර්ජාලය සහ සමාජ ජාල පරිහරණයට යොමු වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට වාර්ෂිකව පැමිණිලි 12000ත් 14000ත් අතර ප්‍රමාණයක්ද, ශ්‍රී ලංකා පොලිසියට වාර්ෂිකව…

ඔන්ලයින් පනත සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෑතකදී සම්මත කරගත් නව ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා දැඩි සෘණාත්මක බලපෑම් ඇති කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනය කරනවා. X පණිවුඩයක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, පැන නගින සමාජීය…

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදී තිබෙනවා. මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු…

A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර…