Category Local News

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යළි ගැටුමක් – පිරිසකට තුවාල

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් හේතුවෙන් සෙබළෙකු සහ රැඳවූවන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් රැඳවූවන් පිරිසක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

මහවැලි ගඟේ දිය නාමින් සිටි අයෙක් අතුරුදන්

මහවැලි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ (03) තවත් පිරිසක් සමග පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නාමින් සිටිය දී ඔහු අතුරුදන් වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ…

සිවිල් වැරදිකරුවන් නිවාස අඩස්සියට?

සිවිල් වැරදි සම්බන්ධ වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මෙම වසරේ දී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසනවා. වර්තමානයේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් එම පියවර ගන්නා…

චාමික හදිස්යේම පිටියෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකර මීට ටික වේලාවකට පෙර හදිසියේම පිටියෙන් ඉවත් වීමට තීරණය කළේය. ඒ, ඔහුගේ හෙල්මටයෙහි පන්දුවක් වැදීම සහ ඒ හේතුවෙන් ඇතිවූ…

”Ceylonese Crab” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වදෙයි

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති . එහෙයි බොහෝ විදෙස් රටවල ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති. එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ…

තායි අගමැති ශ්‍රී ලංකාවෙන් නික්ම යයි

Sretthaශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින උළෙලේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් යළි තායිලන්තය බලා පිටත්ව ගියේය. ඒ අද(04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙනි.

අඩු බර පාන් සොයා හෙට සිට වැටලීම්

පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර…

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම් ලබාදෙයි

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.…

නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 754 කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් ජනපති සමාව හිමි වූ සිරකරුවන් 754දෙනෙකු අද (04) දිනයේ නිදහස් කර තිබෙනවා. ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකුද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවසර…

ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය…